”මට වෙරි ”..
ඔවු මම වෙරිකාරයෙක් වගේ පාරේ ඔහේ ඇවිදිමින් සිටි බව්වෙක්..
ඒ මීට මාසෙකට විතර කලින් මගේ මතකය.
මම ගැවසුනේ බොරලැස්ගමුව ප්‍රදේශයේ .
දිගු කාලයක් කුසට හරිහමන් කෑමක් නොදුටු මා ගෙන් ගෙට , කඩයක් කඩයක් ගානේ දිහා බලමින් තැන තැන ඇවිද්දේ පිටට ඇලුණු කුස දිගහැරගන්න ,සුවඳ හමන මස් මාළු රසයෙන් අහරක් ලැබේදෝ යන පෙරේත සිතිවිල්ල නිසයි……
ඒත් පුරුවේ කල පවකටදෝ කොතරම් රස නහර පිනා යන සුවඳ මගේ නාසය සිපගත්තත් කුසට ඒ අහරක රසය විඳින්න වාසනාවක් තිබුනෙම නැහැ..
ගතේ හයිය නැතිවෙනතුරුම හිතේ හයියෙන් පාරේ එහෙ මෙහෙ ඇවිදිද්දී ගල්මුල් සංග්‍රහ නම් ඕන තරම් ලැබුනා..
ඇඟ තුවාල වුණා.
ඒවා ගොඩාක් රිදෙන තුවාල.
කාලය මහපාරේම ගෙවෙනෙවා.
ඇඟේ ලෝම සියල්ල හැලිලා විරූපී වෙද්දී රස කෑම පෙරේතකම හිතට තව තවත් වධ දුන්නත් දකින දකින මිනිසුන් කලේ ”චිප් බල්ලා ”කියමින් කෑ මොරදීම,තඩි ගල්ගෙඩි වලින් පහරදීම …..
පෙර කල අකුසල්වලට තිරිසන් භවය ලබන බව දැනුනත් ඇතැම් අප රැහේ ඈයෝ ආදරේ ගොඩක් ලබන , නිදාගන්න සුවයහන්, මිල අධික විටමින් වර්ග , කෑම වර්ග ලබන්නත් පින් කර ඇතිබව දෑහට දකින්නත් ලැබුණ අවස්තා එමටයි…
ඒ දසුන් දකින වාරයක් පාසා මා ගැන ඇති වුණේ මහා දුකක්……….
කරන්න දෙයක් නැහැ.. ”මහපාරෙම මා මැරෙයි” , ආයේ එපා මේවගේ ජීවිතයක්නම් මට ” සිතමින් පාරේ ඔහේ ඇවිද්දා……..
දිනක්……..
මා ලඟින් ගිය රුවැති නැන්දෙක් බොහෝ ඕනෑකමින් මා දිහා බැලුවත් මට භයක් දැනුනා…
”අදත් ගුටි පාරක් තමයි ”කියලා….
නෑ..
ඇය මට ආදරෙන් කතා කළා…
ඒ මගේ ජීවිතේදී ඇසූ මුල්ම ආදරණිය වචනය,
” ඇයි ඔයාට බඩගිනිද ? ”
ඔවු හුඟක් බඩගිනි තිබුණා..
එත් ඒ බඩගින්න මොහොතකට අමතක කරන්න ආගන්තුග මිනිස් දෙවඟනගෙ ආදරණිය වචන , බැල්ම සමත් වුනා..
මම බොහොම යටහත් පහත් විදියට නගුට හංගන් , කන් දෙක පහත් කොට බෙල්ල නවාගන බිමට නැඹුරු වුනේ ඇයට වැඳ වැටෙමින් …
ඊළඟ මොහොතේ හනික අසල කඩයට දිව ගිය දෙවුදුව රසවත් යෝගට්ටුවක් මා දෙසට දික් කරද්දී සතුට දොරේ ගැලුවා..
”කන්න පුතේ ” ආදරණිය වදනක් එක්ක මුවගට ලංකල යෝගට්ටුව තොලගෑවේ නිමේෂයකින්.
තවත් රස කෑමක්…
දිග හැරී කඩදාසි කොලය මත රසවත් බිස්කට්ටු ගොඩක්..
මං ඒ ටිකත් කාගන කාගන ගියා…
බඩ පිරුණත් හිත පිරුණේ නැහැ.
තවත් නිමේෂයකින් ඒ ආදරණිය ආත්මය මගෙන් ගිලිහෙන බව දන්නා නිසාම හිත දුකින් පිරුනා..
ඒත් ඇය මා දෙසම බලාගන සුසුම් හෙළනවා.
හනිකට ”කොළඹ සන්නි හුටු හුටුවක් ” මගේ අසල නැවත්තුවා..
එ සැණින් ”අපි යංද” ඇහුවා…..
ඔවු මට හුඟාක් සතුටුයි..
ඇවිදින්නවත් පණ නැති , හොරිකඩ පිරුණු මාව උස්සා කොළඹ සන්නියට නග්ගගනිද්දී හිතට භියක් දැනුනත් මම නිහඬ වුණා.
”සොර සොර ”ගාල හමන හුළඟත් එක්ක කොළඹ සන්නිය වේගෙන් ඉගිලුනා …..
මහා විශාල තාප්පයක් අසල නැවතුනු කොළඹ සන්නිය යකඩ ගේට්ටුවෙන් ඇතුල් වූ විට දැක්කා මට වඩා හුඟක් ලස්සන මගේ රැහේ ඈයන්ට බට දාල, කටු ගහල මේස උඩ නිදි කරවලා ඉන්නවා…
මා එක්කන් ආ දෙවුදුව , ලොකු නෝනා මහත්තුරු එක්ක මොන මොනවාදෝ කතා කළා..
භාරකරු ලෙස නම විමසද්දී Shani Delaලෙස නම දුන්නා,….
එතැන් පටන් මගේ ගතේ සිතේ සියලු රෝග නිවාරණය කරන්න අවශ්‍ය ඔසු ලැබුනා.
රෝහල් දොස්තර මාමලා , නැන්දලා දුන්න ආදරේ කරුණාව එක්ක මම දැන් හුඟාක් සුව වෙලා ඉන්නේ.
වයස අවුරුදු 2ක් විතර වුනු පිරිමි බලු රාලෙක් වෙච්ච මට තව වැඩි දවසක් රෝහලේ සිටින්න වුනොත් ශානි නැන්දාගේ වැටුපෙන් හුඟාක් සල්ලි ගෙවන්න වෙනවා.
දැනටමත් රු 25000.00 ක ගාස්තුවක් එකතුවෙලා..
කවදාවත් රස ගුණ කෑම කාපු නැති මට දැන් ඒවත් ලැබෙනවා.
ආයෙත් පාරට යන්න වුනොත් කලින් “හිඟන්නා” වෙයි නේද මාව ?
එහෙම වුනොත් මම පවු ..
මං හුඟාක් අහිංසකයි…
මහමග ජිවිතේ දුකයි නැන්දේ මාමේ.
ඔයාලගේ ලස්සන හිත් එක්ක සුන්දර ජිවිතයක් ගෙවන්නයි මමත් ආශා..
ඒ ආශාව ඉටු කරමින් මා වෙනුවෙන් වෙහෙසුණු ශානි නැන්දාටත් මටත් සතුටක් ලබා දෙන්න ඔබේ නිවසෙ පුංචි ඉඩක් මට දෙන්න…
ඔබට පිං අත්වේවි ..
සත්තයි..
මීට
රැශී…..
(පෙර සහ පසු පින්තූර සමඟින් )