Saturday, January 18, 2025

ආණ්ඩු සෙලවෙයි ,වැලි ඡාවාරම නොසෙල්වෙයි ??

Must read

   විරෝධතාව 4. විරෝධතාව 5

මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරින් වසම් හයක ජනතාව පීඩනයට පත් කරමින් සිදු කෙරෙන වැලි කැපිමේ ජාවාරම නවතා දෙන ලෙසට ඉල්ලමින් ප්‍රදේශවාසින් පිරිසක් අද ( 27 දා ) දහවල් විරෝධතාවක නිරත වුහ. අවට ගම්වාසින් විශාල සිරිසක් මාදම්පේ සුදුවැල්ල සමයවර්ධනාරාම විහාරස්ථානය අසල මේ වන විට මාරාන්තික උපවාසයක ද නිරතව සිටිනා අතර ඊට අමතරව තවත් පිරිසක් එම විහාරස්ථානය අසලට රැස්වි එතැන් සිටි පා ගමනින් මාදම්පේ කුරුණැගල මාර්ගය ඔස්සේ මාදම්පේ නව නගරයට පැමිණියහ. අනතුරුව ඔවුහු මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ මෙම වැලි ජාවාරම නතර කරණ ලෙසට ඉල්ලා සංදේශයක් බාර දුන්හ. මෙම විරෝධතාවට අමතරව පැවැත්වෙන මාරාන්තික උපවාසකරුවන් හමුවු භු විද්‍යා සහ පතල් කැණිම් කාර්යාංශයේ නිලධාරින් පැමිණ උපවාසකරුවන් හමුවි තමන් මෙම වැලි කැණිම් තාවකාලිකව නතර කරණ බවත් පසුව නිසි පරික්ෂණයකින් අනතුරුව මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවට පොරොන්දුවුවත් උපවාසකරුවන් එම යෝජනා ප්‍රතික්ෂේප කරමින් වැලි ජාවාරම මුණමණින්ම නවතන තෙක් තමන් උපවාසයෙන් ඉවත් නොවන බවත් කීහ . උපවාසයට එක්ව සිටින පිරිස පරික්ෂා කළ එහි පැමිණි මාදම්පේ රෝහලේ වෛද්‍යවරුන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්ව ඇති නිසා ඔවුන්ට වහාම අවශ්‍යය ප්‍රතිකාර ලබා ගැනීම පිණිස රෝහල් ගත වන ලෙසට දැනුම් දුන්නද උපවාසකරුවන් එම ඉල්ලිම ප්‍රතික්ෂේ කළහ. ගතවු වසර 20 ක පමණ කාලයක සිට ජාවාරම්කරුවන් මෙම ප්‍රදේශයේ පොල් ඉඩම් මුදලට ගෙන බලපත්‍ර ලබා ගෙන වැලි ඉවත් කරමින් සිටින බවත් මේ නිසා තමන් එදිනෙදා පවත්වා ගෙන ජිවන කටයුතු වල දි අසීරුතාවන්ට මුහුණ දෙන අතර පාරිසරිකව ද ප්‍රදේශය ගැටළු රැසකට මුහුණ දෙන බවත් ප්‍රදේශවාසින් පෙන්වා දෙති .


හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article