Saturday, January 18, 2025

අවුරුදු එකහමාරේ බිළිදු දරුවා අතිනුත්, මාස දෙක හමාරේ දරුවා බඩිනුත් අරන් අනෝමා ළිදට පැන්නේ ඇයි ?

Must read

සැමියා සමග පැවැති අමනාපයක් හේතුවෙන්, අවුරුදු එකහමාරක් පමණ වයසැති තම බිළිදු දරුවාද සමග ළිදකට පැන සිය දිවි හානි කරගත් ගැබිණි මවක් පිළිබදව මහත් කණගාටුවෙන් යුතුව වාර්තා කරන්නට අපට සිදු වී තිබේ.

ප්‍රතිපත්තියක් ලෙස සියදිවිනසාගැනීම් වැනි අනර්ථකාරී සිදුවීම්වලට අනුබල ලැබෙන ප්‍රවෘත්තීන් පළනොකිරීමේ ප්‍රතිපත්තියක පිහිටා සිය වාර්තාකරණයේ යෙදෙන වයඹ ටුඩේ වෙබ් අඩවිය මෙම සිදුවීම වාර්තාකරන්නේ කරුණු දෙකක් මුල් කරගනිමිනි.

01. මේ සතිය යනු මතින් තොර රටක් පිළිබදව කතාබහ කෙරෙන, වැඩකෙරෙන සතියක්වීම.
02. විසදාගත යුතු ගැටලු බොහොමයක් නවීන තාක්ෂණය ඔස්සේ පහසුවෙන් විසදාගත හැකිය යන පණිවිඩය ගමටද ව්‍යාප්ත විය යුතුය යන්න යළි සිහිපත් කිරීම.

මෙම අවාසනාවන්ත මරණයට ගොදුරු වූයේ වාරියපොල , තිස්සව , සරසවිවත්ත නැමැති පොල්වත්තේ මුර වාඩියක පදිංචි වී සිටි දිසානායක මුදියන්සේලාගේ අනෝමා දිසානායක නැමැති 37 හැවිරිදි මවක් සහ ඩෙවන්ආරච්චි අතුකෝරාලලාගේ සීනිර ධනංජය නැමැති අවුරුදු 1 යි මාස 6 ක් වයසැති ඇගේ දරුවාය. මෙම කාන්තාව මිය යන අවස්ථාව වන විට මාස දෙකහමාරක ගැබිණියක්ව සිටි බව මේ වන විට සිදුකර ඇති මරණ සහ පොලිස් පරීක්ෂණයන්වලදී අනාවරණය වී තිබේ.

හංහමුණව, මාස්පොත ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන මෙම කාන්තාව සිය සැමියා වන සිසිර යන අය සහ දරුවාද සමග මුර පවුලක් ලෙස මෙම පොල් වත්තෙහි සේවයට පැමිණ ඇත්තේ මීට සති දෙකකට පමණ පෙරදී බවත් , මිය ගිය අනෝමා තමන් සමඟ කිසිඳු ඇසුරක් නොපැවැත් වූ බව අප සමග කීවේ තිස්සව ප‍්‍රදේශවාසීන් විසිනි.

මේ සිද්ධිය වූ ‍සෙනසුරාදා දිනයේදී අනෝමාගේ සැමියා ( සිසිර) ගනේවත්ත ප‍්‍රදේශයේ පිහිටි වෙනත් වත්තක සේවය සදහා ගොස් ඇති අතර එදින රාත‍්‍රියේදී සරසවිවත්තේ මුරවාඩිය වෙත ආපසු පැමිණ ඇති බව කියැවේ. අනෝමා සහ දරුවා නිවස තුළ දකින්නට නොලැබීම පිළිබදව විමසිලිමත් වූ සිසිරට දරුවාගේ සිරුර ළිදෙහි පාවෙමින් ඇති ආකාරය දැකගන්නට ලැබී ඇති බවත් , ප‍්‍රදේශවාසීන්ගේද සහය ඇතිව දරුවාගේ සිරුර ගොඩට ගෙන වාරියපොළ දිසා රෝහල වෙත ගෙන ගොස් ඇති නමුත් ඒ වන විට දරුවා මිය ගොස් සිට ඇත. පසුව තිස්සව වසමේ ග‍්‍රාමනිලධාරීවරිය ඉදිරිපිටදී අදාළ ළිද වැඩිදුර පරීක්ෂාවට ලක්කිරීමේදී එතුළ තිබූ අනෝමාගේ ප‍්‍රාණය නිරුද්ධ සිරුරද ප‍්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබේ.

සිසිරගේ මුරවාඩියේ අසල්වැසියෙකුද, සරසවිවත්තේ තවත් මුරකරුවෙකුද වන නිමල් හේමචන්ද්‍ර අපට කීවේ මෙවැනි කතාවකි.

”සිසිරයි, අනෝමයි දරුවයි එක්ක අපේ වාඩියට අල්ලපු වාඩියට ඇවිත් සති දෙකක් විතර වෙනවා. මේ කාලේ ඇතුලත අනෝමා අපි කවුරුත් එක්ක කිසිම ආශ‍්‍රයක් කලේ නෑ. ගේ ඇතුලටම වෙලා ඉන්නව මිසක් එලියට ඇවිත් වත්තේ ඇවිදිනව වත් මම නම් දැකලා නෑ. අඩුම තරමේ මේ දෙන්නා රණ්ඩු වෙනවවත් අපිට ඇහිලා නෑ. පෙරේදා හවස මම ගෙදර ඉන්නකොට සිසිර මල්ලි වත්තේ වැට ලඟට ඇවිත් නිමල් අය්යේ දරුවා ළිඳට වැටිලා කියලා කෑ ගැහුවා. මම ළිඳ ලඟට දුවගෙන ගියා. ළිඳට එබිලා බලනකොට දරුවා වතුර උඩ පා වෙනවා. අඩි 10 ක් විතර යට වතුර මට්ටම තිබුනේ. මම ගෙදර තිබුනු කඹයක් අරන් ඇවිත් ළිඳ ලඟ කණුවක බැඳලා ළිඳට බහින්න හැදුවා. එතකොටම මට පොඩි බයක් හිතට ආපු හින්දා මම සිසිරට කීවා කඹේ අල්ලන් ඉන්නම් උඹ බැහැපන් කියලා. සිසිර ළිඳට බැහැලා දරුවට අරන් උඩට දුන්නා. ඒ වෙනකොට අපේ සද්දේ ඇහිලා වත්තේ හිටපු කිහිප දෙනෙක් එතනට ඇවිත් හිටියා. දරුවා ගොඩට අරගෙන අපි ඉක්මණට වත්තේ මහත්තයාගේ වාහනෙන් වාරියපොල ඉස්පිරිතාලෙට අරන් ගියා. ඒ යනකොටත් දරුවගේ හුස්ම නතර වෙලා තිබුනේ. පස්සේ වාරියපොල පොලීසියයි ග‍්‍රාම සේවක මහත්තයයි ඇවිත් අනෝමව හොයන්න පටන් ගත්තා. ළිඳට ලීයක් දාලා කලතනකොට අනෝමා ළිඳ ඇතුලේ හිරවෙලා හිටියා. මේ දෙන්නට මොකද උනේ කියලා අපිට හිතාගන්න බෑ. සිසිර ඉඳලා හිටලා අරක්කු ටිකක් බොනවා. ඒ උනාට ගෙවුනු සති දෙකේ සිසිරයි අනෝමයි රණ්ඩු වෙනවත් අපිට ඇහිලා නෑ.”

නිමල් කියන ඉදලා හිටලා ටිකක් බොන පරිමාව කුමක්දැයි අප නොදන්නා නමුත් ‍පොලිසිය ඇතුලු විවිධ පාර්ශ්වවලින් අප වෙත ලැබුණු තොරතුරුවලට අනුව අනෝමාගේ මාස දෙකක් වයසැති දරුගැබ සම්බන්ධයෙන් සිසිර සෑහෙන ප්‍රශ්නයක සිටි බව කියැවේ. ඒ දරුගැබ ඇතිවන්නේ අනෝමා සිය ගම් ප්‍රදේශයේදී නරුමයෙකු අතින් කෙලෙසීම නිසා බවට සිසිර විශ්වාස කර ඇති අතර අනෝමා ඉර හද දිවුරමින් ශපථ කර ඇත්තේ මේ දරුවා යනු සිසිරගේ ලෙයම බවය. කෙ‍සේ වෙතත් අනෝමාට නිරන්තරයෙන් එල්ල වූ අපවාද සහ සිසිරගේ ඉද හිට පදම එක් වූ විට අනෝමාට වෙනත් විකල්පයක් නැතිවන්නට ඇති බව අපේ හැගීමය. ඩී. එන්. ඒ පරීක්ෂණයක් මගින් මේ ගැටලුව විසදාගත හැකි බවත්, බීමත්කම හෝ ඇනුම්පද මේවාට විසදුම් නොවන බව අනෝමා හෝ සිසිර දැන නොසිටි බව නම් සහතිකය. අඩුම තරමේ ඒ දෙපළම මේ බව කියාදෙන්නට තරම් අයෙකු සිටියේ නම් අනෝමා, සීනිර මෙන්ම නූපන් දරුවෙකුද අද ජීවතුන් අතරය.

ඊයේ උදෑසන මෙම ස්ථානයට පැමිණි වාරියපොළ මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් මෙම මරණයන් පිළිබඳ මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා මෘතදේහයන් කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යවන ලෙස එහිදී නියෝග කළේය. දේහයන් පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේදී ඊයේ (12 දා ) දහවල් පැවැත් වූ අතර අදාළ මරණයන් දෙක දියේ ගිලීමෙන් සිදු වූ මරණ බවට තීන්දු කිරීමෙන් අනතුරුව අනෝමා සහ සීනිරගේ මෘත දේහයන් සිසිර වෙත භාර දෙනු ලැබීය.

03edit

02edit

01edit

04edit

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article