අභාවප්‍රාප්ත විජය නන්දසිරි කලාකරුවානන් සිය අවසන් රංගනයේ යෙදීමට විනාඩි කිහිපයකට පෙර ලබා ගත් ඡායාරූපයකි මේ.
මීට පැය දා හතරකට පෙර ලබාගෙන ඇති මෙම ඡායාරූපය ඇතැම්විට විජය නන්දසිරි මහතා අවසන්වරට පෙනී සිටි ඡායාරූපය වන්නටද බොහෝවිට ඉඩ තිබේ.
විජය නන්දසිරි මහතා රංනගයෙන් දායක වූ අජිත් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කළ ‘අලුත් හොරෙක් ඕනෑ‘ වේදිකා නාට්‍යය ඊයේ පස්වරුවේදී වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී වේදිකා ගත වූ අතර එය නැරඹීමට පැමිණි තවත් කලාකරුවෙකු මෙන්ම ප්‍රාදේශීය මාධ්යව්දියෙකුද වන ඒ. විජේතිලක මහතා විජය නන්දසිරි මහතා සමග පෙනීසිටිමින් මෙම ඡායාරූපය ලබාගෙන තිබුණේ ඊයේ (07 දා) පස්වරු 6.30 ට පමණය.
ඒ අලුත් හොරෙක් ඕනෑ වේදිකා නාට්‍යයේ පස්වරු 3.30 දර්ශණය අවසන් වී පස්වරු 6.30 ඊළග දර්ශණය ආරම්භ වන තෙක් ලැබුණු කෙටි විවේකය අතරවාරයේදීය.
මෙම ඡායාරූපයට පෙනී සිට විනාඩි කිහිපයකට පසුව විජය නන්දසිරි මහතා වයඹ පළාත් සභා ශ්‍රවණාගාර වේදිකාව මතදී සිය අවසන් රංගනයට එක් වූ අතර එය තම අවසන් රගදැක්ම වනු ඇති බවට හෝ එම දර්ශණය අවසන් වී වයඹ පළාත් සභා ශ්රවණාගාරයට රැස්ව සිටි ප්‍රේක්ෂකයින්ට හිස නමා ආචාර කරන මොහොතේදී ඒ තම අවසන් ආචාරය බව සිහිනෙකින් හෝ නොසිතන්නට ඇත.
ගැයුමෙන්, රැගුමෙන් රටක් දිග්විජය කළ විජය නන්දසිරි කලාකරුවානෙණි, ඔබට නිවන් සුව !