Saturday, November 23, 2024

අලි පාරට එරෙහිව පොල්පිතිගම මහ පාරට !

Must read

තම ගම් බිම් හරහා අලි කොරිඩෝවක් ඉදිකිරීමට විරෝධය පළකරමින් පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන කිහිපයක ජනතාව අද (21 දා ) පොල්පිතිගම, රඹේ මංසන්ධියේදී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.

මෙම උද්ඝෝෂණයට නිකවැහැර , දොඹගමුව , කට්ටම්බේරිය , හල්මිල්ලවැව , මකුල්පොත , කොස්ගහඇල , දුම්මීය ඇතුඵ ගම්මාන පහළොවක පමණ වෙසෙන දහසකට ආසන්න ගම්වාසීහු පිරිසක් එක් වී සිටියහ. උද්ඝෝෂකයින් විසින් අලියෙකුගේ අනුරුවක් , මිනී පෙට්ටියක් සහ විරෝධතා වැකි ලියූ පුවරුද ප‍්‍රදර්ශණය කරමින් විරෝධය පළකළ අතර වල් අලින් විසින් හානිකරන ලැබූ පොල්, කෙසෙල් ඇතුලු බවබෝග රැසක් ට‍්‍රැක්ටර්වල පටවාගෙන උද්ඝෝෂණයට පැවැති ස්ථානයට ගෙනැවිත් තිබිණි. උද්ඝෝෂණයට එක් වී සිටි ගම්වාසීහු කුරුණෑගල – මඩගල්ල ප‍්‍රධාන මාර්ගය අවහිර වන අයුරින් මාර්ගය මත වාඩි වී සිටීම හේතුවෙන් එම මාර්ගයේ පැය දෙකකට අධික කාලයක් වාහන ගමනාගාමන කටයුතුද සම්පූර්ණයෙන්ම අඩාල වී ගියේය.

මෙම උද්ඝෝෂණයට එක්ව සිටි වයඹ පළාත් සභා මන්ත‍්‍රී නාමල් කරුණාරත්න මහතා (ජවිපෙ) ගම්වාසීන්ගේ ගැටඵව පිළිබදව තිරසාර සංවර්ධන සහ වන ජීවි අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා සමග දුරකථනයෙන් සාකච්ඡා කළ අතර ලබන 23 වැනිදා ගම්වාසීන්ගේ නියෝජිතයින් පිරිසකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක් ලබාදීමට ඇමැතිවරයා එහිදී එකග විය.

අමාත්‍යවරයාගේ එකගතාවය පිළිබදව නාමල් කරුණාරත්න මහතා විසින් උද්ඝෝෂකයින් දැනුවත් කිරීමෙන් පසුව විරෝධතාවය තාවකාලිකව අත්හිටුවන බව පැවසූ ගම්වාසීහු මාර්ගයෙන් ඉවත් වූ අතර, අමාත්‍යවරයාගේ පොරොන්දුව ඉටු නොවුනහොත් මීට වඩා දැඩි ක‍්‍රියාමාර්ගයකට එළැඹෙන බව පවසමින් සාමකාමීව විසිර ගියහ.

මහව වීරරත්න බණ්ඩාර rambe_3 rambe_2 rambe_1 rambe_4 rambe_6 rambe_5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article