අල්ලස් චෝදනා මත දැනට සේවය අත්හිටුවා සිටින ගල්ගමුව, පඵකන්දාව ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිවරයා යළි සේවයේ පිහිටුවන ලෙසට ඉල්ලමින් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ මව්පියන් බව කියන පිරිසක් ඊයේ ගල්ගමුව කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක යෙදුණහ.
මෙම පිරිස පඵකන්දාව ජනාධිපති විද්‍යාලය ඉදිරිපිට සිට ගල්ගමුව කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය දක්වා කිලෝමීටර් දෙකකට අධික දුරක් පාගමනින්ම පැමිණ ඒ ඉදිරිපිටදී විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදුණහ.
සේවය අත්හිටුවා සිටින විදුහල්පතිවරයා පඵකන්දාව ජනාධිපති විද්‍යාලයේ දියුණුවට විශාල සේවයක් කළ බවත්, ඔහු අල්ලස් ලබාගත් බවට බොරු චෝදනාවක් එල්ල කර වැඩ තහනමට ලක්කර ඇති බවද විරෝධතාකරුවෝ කීහ. ඊයේ දිනයේදී පඵකන්දාව ජනාධිපති විද්‍යාලයට පත්කර එවූ නව විදුහල්පතිවරයා පිළිගැනීමට තමන් සූදානම් නැති බවද ඔවුහු කීහ.
මව්පියන්ගේ මෙම විරෝධතාවය පිළිබදව වයඹ පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත දැනුම්දෙන බවට ගල්ගමුව කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙකු විසින් ලබා දුන් පොරොන්දුවත් සමග උපවාසය අවසන් කළ මව්පියන් විසිරී ගියහ.
මීගලෑව මානෙල් හේවගේ