කැබලි කර වෙන්දේසි කිරීමට සූදානම් කර ඇති ඉඩමක් වර්ෂා ජලයෙන් පිරී ඇති අන්දමත්, ඒ ඉදිරිපිට ‘අලව්වේ හොදම තැන’ ලෙස සදහන් දැවැන්ත ප්රචාරක පුවරුවක් සවිකර ඇති අන්දමත් දැක්වෙන මෙම ඡායාරූපය අපට හමු වූයේ නිව්ස් ඔෆ් ලංකා ෆේස්බුක් පිටුවෙනි.
අලව්ව නගරයට නුදුරින් පිහිටි මෙම ඉඩමෙහි බිම් කොටස් මේ වනවිටත් වෙන්දේසි කෙරෙමින් පවතින බව අප ඒ පිළිබදව කළ වැඩිදුර සොයාබැලීමකදී අනාවරණය කර ගත හැකි වූ අතර අදාළ ප්රචාරක පුවරුවේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ බිස්නස් එකට මෙන්ම , පදිංචියටත් අලව්වේ ඇති හොදම තැන එතැනය කියාය !
සුවිසල් මුදලක් වැය කර සවි කරන්නට ඇතැයි සැලකිය හැකි මෙම ප්රචාරක පුවරුවේ සදහන් ” බිස්නස් වැඩටත්, ගෙයක් හදන්නත් අලව්වේ හොදම තැන” වැකියට පෙර තවත් වචන තුනක් මුද්‍රණය කරවන මෙන් අදාළ ඉඩම වෙන්දේසි කිරීමේ යෙදී සිටින මෙරට සුප්‍රකට ඉඩම් වෙන්දේසි සමාගම වෙත අප යෝජනා කර සිටිමු.