Saturday, November 23, 2024

අරුන්දිකලා මාරුකරපු වෙන්නප්පුවේ ASP ගැන ක්‍රිකට් ක්‍රිඩකයෙකු කියපු කථාව ….

Must read

ASPවෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා හට ස්ථාන මාරුවීමක් ලබාදීම සම්බන්ධයෙන් සමාජයේ මේ වන විට දැඩි කතාබහක් මතුව තිබේ.මෑත ඉතිහාසය තුල පොලිසියේ උසස් නිළධාරියෙකු ස්ථාන මාරුවක් පිළිබදව වැඩිම විවේචන එල්ලවු සිදුවිම බවටද මෙය පත්ව තිබේ.

මෙම ස්ථාන මාරුවට මුල්ව ඇතැයි කියන කුප්‍රකට දේශපාලකයෙකුට එරෙහිව මේ වන විටත් සමාජ මාධ්‍ය තුල පුළුල් විවේචනයන් මතුවෙමින් තිබේ.
මේ අතර නිව්ස්වයර් වෙබ් අඩවිය මේ පිළිබදව ප්‍රකට ක්‍රිකට් කිඩයෙකු විසින් කළ සටහනක්ද පළකර තිබුනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් විසින් සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා සම්බන්ධයෙන් තබා තිබෙන සටහනයි මේ…

මීට කලකට ඉහතදී මා මොහු හමු වී කිට්ටු මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීමට හැකි විය නමින් (එරික් පෙරේරා) වේ, එයද වියැකී යාමට ගිය දක්ෂ ක්‍රීඩකයකුගේ අනාගතය වෙනුවෙන් මොහු කල කී දෑ මෙන්ම ඔහු හට උදවු කරමින් ඔහුගේ අනාතය රැක ගැනීමට දායක වීමේ සිද්දියක් මගිනි.

අද ඔහු ජයග්‍රහණ ලබමින් ලෝක පදක්කමක් කරා සෙමින් පිය නගන විට ඔහු මට කතා කරමින් පවසනේ මල්ලී මේ කොල්ලා වෙනුවෙන් දෙයක් කිරීමට ලැබීම ගැන සතුටූ වන බවයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයකු වන මොහු තමාගේ රාජකාරීය දේව කාරියක් සේ සලකා වැඩ කරන හොද කොන්දක් ඇති කිසිම දෙයකට නම්මවා ගත නොහැකි දක්ෂ නිලධාරියෙකි.

වත්තල ප්‍රෙදේශය තුල මොහු සේවය කරන විට නීති විරෝදී ක්‍රියාවන් නැවතීමට කල සේවය අගය කල යුතුමය.

ඉන්පසු ඔහු උසස් වීමක් ලබා වෙන්නපුව ප්‍රදේශයේ රාජකාරිය කරනා විට මෙවැනි ආකාරයෙන්ම කටයුතු කරමින් යන විට ජනතා නියෝජිතයන්ගේ අත පෙවීම් අනුමත කල නොහැක, එහි ප්‍රතිපලය වනුයේ ඔහුට සේවා මරුවක් ලැබීමය.

මෙය අනුමත කල නොහැකි පහල පන්තියේ බාලයන් කරන ලද අදම ක්‍රියාවක් සේ සලකිය හැක, සමහර උදවිය අපගේ පරම චන්ද අයිතිය තුලින් ලැබූ ජයග්‍රණයන් අවභාවීතා කරන ආකාරයන් වෙවැනි සිද්දි තුලින් අපට පැහැදිලිවම දැක ගත හැකිය.

ඔබලා ජනතා වරමින් ඔසවා තබන්නේ රටේ අනාගත සුරක්ෂා කිරීමට රජයට සහයෝගය දෙනු විනා තමන්ගේ සහා තමන්ගේ සහචරයන් ආරක්ෂා කිරීමට හෝ රැක ගැනීමට නොවන බව පැහැදිලිවම ඔලුවේ රදවා ගත යුතු කාරණාවකි.

එමගින් රටට ආදරේ කරන රට වෙනුවෙන් අවංක සේවය නියුතු කොට්ටසයක් අපට රැක ගත හැකිය, අපට හැම විට වටිනුයේ රට විනා පුද්ගලයන් නොවේ, අප මේ රට අපේ දු දරුවන් වෙනුවෙන් රැක ගත යුතුය, අනිසි බලපෑම් මෙවැනි නිලදාරීන් හට යොමු නොකළ යුතුය, දේශපාලන බලය අනිසි විදිහට අවභාවීත නොකල යුතුය, ජනතා අදිපත්‍ය රැකෙනසේ ඔවුන්ගේ ධුර කල තුල වැඩ කල යුතු බව තරයේ මතක තබා ගත යුතුය.

ප්‍රජාතන්තරවාදය උපරිම අයුරින් රැකිය යුතු බව කණගාටුවෙන් හෝ මේ දේ කීමට සිදුවීම ගැනද මම කණගාටු වෙමි, අපට අවශ්‍ය වනුයේ පාට පක්ෂය බේදයෙන් තොරවූ සුරක්ෂිත රටකි, එමනිසා මෙවැනි ක්‍රියාවන් මම සහා අපි අනුමත නොකරමු.

කරනා හොද දේ අනුව අනාගතය තීරණය වෙන බව නිතර සිහියේ තබා ගත් යුතුය. අප ජනතාව බුද්දීමත්ය, කලානුරීපීව වෙනස් වන තර්කානුකූ බුද්ධියකින් හෙබි ජනතාවක් අපට සිටින බව අමතක නොකල යුතුය.( මෙවැනි සිද්දීන් කෙරෙහි අදාල බලදාරීන්ගේ අවධානය යොමු වනු ඇතයි විශ්වාස කරන අතර මෙවැනි දේවල් මගින් ජනතාවගේ අප්‍රසාදයට පත්වීම් වහා නතර කල යුතුය)
උපුටා ගැනිම අවසන්
දේශපාලකයන්ට අත්අදින පොලිස් උසස් නිළධාරින් බුරුතු පිටින් සිටියදි සිය රාජකාරිය නිසි ලෙසින් ඉටුකළ එරික් පෙරේරා වැනි උසස් නිළධාරින් ගැන සමාජය මේ අකාරයෙන් හෝ අවදිවිම ඉතාවැදගත්ය.
එහෙත් ආවාසනාව වන්නේ වෙන්නප්පුවේ ප්‍රගතිශිලි ජනතාව මෙන්ම කතෝලික පල්ලියට දැඩි නිහඩතාවයක නිරතව සිටිම ගැනය.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article