මැයි 31 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර දුම්වැටි විරෝධී කොඩි දිනයට සමගාමීව ‘‘මතින් තොර වඩාත් සුන්දර ඇතුගල්පුරයක් ’’යන මැයෙන් සංවිධානය කර තිබූ ජනතාව දැනුම්වත්කිරිමේ පාගමනක් පසුගියදා කුරුණෑගල නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.
කුරුණෑගල දිස්ත‍්‍රික් මත් නිවාරණ කමිටුව සහ කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දිවිනැගුම අංශය එක්ව සංවිධානය කර තිබූ මෙම පාගමන සදහා වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, කුරුණැගල දිස්ත‍්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න යන මහත්වරුන් ඇතුලූව රාජ්‍ය නිලධාරීන් සහ තරුණ තරුණියන් ඇතුලූ පන්සියයකට ආසන්න පිරිසක් එක් වී සිටියහ.
මත් විරෝධී වැකි සහිත පුවරු ප‍්‍රදර්ශනය කරමින් පාගමනින් කුරුණෑගල නගරය වටා සංචාරය කළ පිරිස මත්ද්‍රව්‍යවලින් වැළැකීමේ වැදගත්කම පිළිබදව අත්පත‍්‍රිකා බෙදාදෙමින් නගරයට පැමිණ සිටි ජනතාව දැනුම්වත් කිරීමටද එහිදී කටයුතු කළහ.
මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පෙන් වූ මෙම පාගමන කුරුණෑගල නගරයේ පිහිටි සුප්‍රසිද්ධ තැබෑරුම් කිහිපයක් ඉදිරිපිටින්ම ගමන් කිරීම විශේෂත්වයක් විය.