2020 මාර්තු 31 වන දින කරඹ ප්‍රදේශයේ දී නාවික හමුදාව විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් සැකකරුවෙක් හමුදා භාරයට ගෙන තිබේ. පාලවිය, කරඹ ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැක සහිත නිවසක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 310 ක පමණ ප්‍රමාණයක් සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු වයස අවුරුදු 23 වන වියෙහි පසුවන්නෙකු අතර ඔහුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සඳහා නොරොච්චෝලය පොලීසිය වෙත භාර දී තිබේ.
තොරතුරු – navy.lk