Sunday, January 19, 2025

අයිස් මත්ද්‍රව්‍ය ඡාවාරමට සම්බන්ධ සුරාබදු පරීක්ෂක පොලීසියට බාරවෙයි

Must read

05 (1)(1)

(16.30pm)   පුත්තලමේ දී සිදුවූ අයිස් මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන සුරාබදු පරීක්ෂකවරයා පසුගිය 24 වැනිදා රාත්‍රීයේ පුත්තලම පොලීසියට පැමිණ බාර වීමෙන් අනතුරුව අත්අඩංගුව ගෙන ඇත.

පුත්තලම සුරාබදු කාර්යාලයට අනියුක්තව සේවය කර ඇති මෙම සුරාබදු පරීක්ෂකවරයා කඩුගන්නාවේ පදිංචිකරුවෙකි.පසුගිය ජනවාරි මයේදී ඔහු පුත්තලම සුරාබදු ස්ථානයේ රාජකාරි සදහා පැමිණ ඇත.

පසුගිය 23 වැනිදා අළුයම අයිස් මත් කුඩු ග්‍රෑම් 125 ක් සමග සුරාබදු නියාමකවරයෙකු ඇතුළු 08 දෙනෙකුව පුත්තලම නගරයේදී පුත්තලම කොට්ඨාෂ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්න ලදි.එම අයිස් මත් ද්‍රව්‍ය තොගය සුරාබදු නියාමකවරයාට ගෙනවිත් බාර දී ඇත්තේ පසුව පොලීසියට බාර වී ඇති සුරාබදු පරීක්ෂකවරයා විසින් බවට සිදු කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.එම සිද්ධියෙන් අනතුරුව සැකකාර සුරාබදු පරීක්ෂකවරයා ප්‍රදේශයේ අතුරුදහන්ව සිටියේය.

පොලිස් අත්අඩංගුවේ පසුවන සුරාබදු නියාමකවරයාට අයිස් මත් ද්‍රව්‍ය ගෙනවිත් බාර දීම සදහා සුරාබදු පරීක්ෂකවරයා යොදා ගත් මෝටර් රථයද ඔහු විසින්ම පොලීසියට ඉදිරිපත් කර ඇත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 08 දෙනා අතරින් කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දරුවෙකුව පුද්ගලික ඇප මත මුදා හැරීමටත් සෙසු සැකකරුවන් තිදෙනා 25 වැනිදා දක්වා රදවා ගෙන ප්‍රශ්ණ කිරීමටත් පුත්තලම දිසා විනිසුරුවරයා නියම කර තිබුණි.

මෙම සිද්ධියට සම්බන්ධ සුරාබදු නියාමකවරයාගේ සේවය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ වන විට තහනම් කර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා සහකාර සුරාබදු කොමසාරිස්වරුන් දෙදෙනෙකු ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම් දෙකක්ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් පත් කර ඇත. පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


 

ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article