Saturday, January 18, 2025

අප්‍රිකාවේදී මිය ගිය ගුවන් සෙබළ කුමාර බණ්ඩාර ගුවන් හමුදා ගෞරව මැද අවසන් ගමන් ගිය හැටි.

Must read

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මධ්‍යම අප‍්‍රිකානු රාජ්‍යයෙහි රාජකාරීවල යෙදී සිටියදී මැලේරියා උණ වැළදීම නිසා ජීවිතක්ෂයට පත් වූ කෝප‍්‍රල් එච්. එම්. කුමාර බණ්ඩාර මහතාගේ අවසන් කටයුතු පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව මහව, මාකඩුවාව පොදු සුසාන භූමියේදී පසුගියදා (10 දා ) සිදු කෙරිණි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතුවලට සහයවීම සදහා මෙරටින් පිටත්කර යැවුණු ගුවන් හමුදා බලඇණියක සාමාජිකයෙකු ලෙස මීට වසරකට පමණ පෙර මධ්‍යම අප‍්‍රිකානු රාජ්‍යය බලා පිටත් ගිය කෝප‍්‍රල් කුමාර බණ්ඩාර මහතා පසුගිය  02 වැනිදා  එරට පිහිටි හමුදා රෝහලකදී ජීවිතක්ෂයට පත් වී තිබිණි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ මැදිහත්වීමෙන් මෙරටට ගෙන්වාගැණුනු ඒ මහතාගේ දේහය මහව, මාකඩුවාව ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගෙන එනු ලැබුවේ පසුගිය 08 වැනිදා රාත‍්‍රියේදීය.

දින දෙකක් පුරාවට ඥාතීන්, හිතමිතුරන් සහ ප‍්‍රදේශවාසීන්ගේ අවසන් බුහුමනට පාත‍්‍ර වූ කුමාර බණ්ඩාර මහතාගේ දේහය පිළිබද ආගමික වතාවත් ඉටුකිරීමෙන් අනතුරුව දේහය රැගත් අවමගුල් පෙරහැර පසුගිය 10 වැනිදා පස්වරුවේ නිවසින් පිටත් විය. අනුරාධපුර ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් වී. බී. එදිරිසිංහ මහතා ඇතුඵ ගුවන් හමුදා නිලධාරින් විසින් පෙරහැර අතරමගදී දේහය භාරගනු ලැබූ අතර ගුවන් හමුදාවට අයත් විශේෂ පෙරගමන් රථයක තැන්පත් කෙරුණු දේහය ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම පෙරටුකරගත් ආචාර පෙළපාලියකින් මාකඩුවාව පොදු සුසාන භූමිය දක්වා රැගෙන යනු ලැබීය.

කුමාර බණ්ඩාර මහතාගේ අභාවය වෙනුවෙන් ගුවන් හමුදාපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ ශෝක පණිවිඩයක්ද එහිදී අවමංගල සභාවට ඉදිරිපත් කෙරුණු අතර කුමාර බණ්ඩාර මහතා වෙනුවෙන් සම්මාන වෙඩි මුරයක්ද පිරිනමනු ලැබීය. ගුවන් හමුදා සම්ප‍්‍රදායට අනුව කුමාර බණ්ඩාර මහතාගේ රාජකාරී හිස්වැස්ම සහ ඔහු විසින් දිනාගෙන තිබූ පදක්කම් ඒ මහතාගේ මෑණියන්
වන ජී.එම්. රංමැණිකා මහත්මිය වෙත ගෲප් කපිතාන් වී. බී. එදිරිසිංහ මහතා විසින් භාර දෙනු ලැබීය.

හමුදා ගෞරව දැක්වීමෙන් අනතුරුව භූමදානය කිරීම සදහා සකස්කර තිබූ ස්ථානය වෙත ගුවන් හමුදා නිලධාරීන්ගේ කරමතින් ගෙනයනු ලැබූ දේහය එතුළ මිහිදන් කරනු ලැබීය.

ඡායාරූප සහ සටහන
මහව සාලිය ජයසේකර, වීරරත්න බණ්ඩාර

දේහය පිළිබද ආගමික වතාවත් සිදු කළ අයුරුaffuranal2 affuranal1
ගුවන් හමුදා නිලධාරින් විසින් දේහය සුසාන භූමියට ගෙන ගිය අයුරුaffuranal3
ගෲප් කපිතාන් වී. බී. එදිරිසිංහ මහතා විසින් කුමාර බණ්ඩාර මහතාගේ රාජකාරී හිස්වැස්ම සහ පදක්කම් ඔහුගේ මෑණියන් වන ජී.එම්. රංමැණිකා මහත්මිය වෙත විසින් භාර දෙනු ලැබූ අයුරු

affuranal4
මිය ගිය සෙබළා වෙනුවෙන් ගුවන් හමුදාව සම්මාන වෙඩි මුරයක් පිරිනමනු ලැබූ අයුරුaffuranal5
සිරුර භූමදානය කළ අයුරුaffuranal6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article