Saturday, January 18, 2025

අපචාරයට ලක්වූ දැරියට නීතිමය රැකවරණ

Must read

ගොකරැල්ල පොලිස් බලප්‍රෙද්යේදි දොලොස් හැවිරිදි දැරියක් වැඩිහිටි පුද්ගලයින් 05 දෙනෙකු විසින් වරින්වර අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් දැනට මසකට පමණ ඉහතදී  මාධ්‍ය විසින් වාර්තා කරන ලදි. මෙම සිද්ධීය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වු ගොකරැල්ල පොලිසිය සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර මෙම දැරියව කුරුණැගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකිරීමෙන් අනතුරුව අපයෝජනයට ලක්ව ඇති බව තහවුරු කර ඇත.
මෙම දැරිය පාසල් අධ්‍යාපනය ලබන අතර දැනට 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. දැරිය අපයෝජනය කළ බවට චෝදනා වන්ට ලක්ව සිටින පුද්ගලයන් වයස අවුරුදු 40 සිට 70 දක්වා පුද්ගලයන් වේ. මාසයකට අධික කාලයක් මෙම සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට මේ වනවිට ඇප මත නිදහස්ව සිටිති.
මෙම දැරිය සිය පියා සහ මව සමග නිවසේ වාසය කළද මවට වැළදී ඇති ස්නායු රෝගයක් නිසා ඔවුන්ගේ රැකවරණය නිසි පරිදි නොලැබිම නිසා මෙවැනි තත්ත්වයක් උදාවී තිබේ. එබැවින් දැරිය පරිවාස භාරයට පත්කෙරුණ අතර පසුව ඇගේ සොහොයුරියක විසින් ඇයව තම භාරයෙට ගෙන ඇත. මෙම දැරිය වෙනුවෙන් කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් නීති සහාය ලබාදෙන අතර ඇයව රාගම ළමා පියස වෙත යොමුකොට උපදේශනය සදහා ලක්කිරීම හා ඇගේ ඉදිරි රැකවරණය හා අධ්‍යාපන කටයුතු පිලිබදව කටයුතු කිරීමටත් එම සංවිධානය පියවර ගනිමින් සිටී.

ඥානවීර දිසානායක 20200224_091846-1(1)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article