Saturday, January 18, 2025

අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල වී වගාවට හානි කරන දළඹු වසංගතයක්

Must read


දිවයිනේ ප්‍රදේශ ගණනාවක වී වගාවේ කොළ හකුළුවන දළඹු වසංගතය පැතිරෙමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි

මේ දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශවලවලින් නාඳුනන දළඹු විශේෂයක් වී වගාව ආශ්‍රිතව පවතින බවට ජනමාධ්‍ය වාර්තා කර තිබේ.නමුත් මෙම දළඹු විශේෂය හඳුනා නොගත් දළඹු විශේෂයක් නොව වී වගාව ආශ්‍රිතව සාමාන්‍යයෙන් පවතින කොළ හකුළුවන දළඹු රෝගය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දේ.
මෙම රෝගය පිළිබඳව බතලගොඩ වී පර්යේෂණ ආයතනය නිලධාරීන් පිරිසක් යොදවා එම දළඹු රෝගය වාර්තා වන ප්‍රදේශවල මූලික අධ්‍යයනයක් සිදු කළ අතර, දිවයිනේ ප්‍රදේශ ගණනාවක එසේ පැතිරෙමින් තිබෙන්නේ කොළ හකුළුවන දළඹු වසංගතය බව එම නිලධාරීන් අනාවරණය කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම වී වගාව ආශ්‍රිතව වාර්තා වන මෙම රෝග තත්ත්වය පිළිබඳව වහාම විමර්ශනයක් සිදු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
බතලගොඩ වී පර්යේෂණ ආයතනය සඳහන් කරන ආකාරයට විශේෂයෙන් මෙම රෝග තත්ත්වය අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල සහ මහවැලි ප්‍රදේශ ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවල ඇති කුඹුරුවල පවතින බවට වාර්තා වේ.
මෙම රෝගයෙන් වගාවන් ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබඳව විශේෂ දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර,  අද (18) දින ගල්ගමුව ප්‍රදේශයෙන් එම කටයුතු ආරම්භ කර ඇත.
මෙම දළඹු විශේෂය අලුත් විශේෂයක් නොවන අතර, පවතින කාලගුණික හා දේශගුණික වෙනස්කම් නිසා සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි කොළ හකුළුවන දළඹු විශේෂ වේ.
රෝග තත්ත්වය බරපතලව පවතින්නේ නම් සාමාන්‍ය පළිබෝධ පාලන ක්‍රමවලින් පාලනය කළ නොහැකි අතර, ඒ සඳහා පළිබෝධනාශක භාවිත කිරීමට සිදු වේ. එමඟින් කොළ හකුළුවන දළඹු රෝගය පාලනය කිරීමට හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී. මේ සඳහා පහත සඳහන් පළිබෝධනාශක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article