Saturday, January 18, 2025

අනිත් අයට කොටන්නෙත් නෑ. මම කොටාගන්නෙත් නෑ.’ ධර්මසිරි මහ ඇමැති පුටුවේ වාඩිවෙමින් කියයි.

Must read

බලගතු ආයුධයක් වන මහඇමැතිකමෙන් අනිත් අයට කොටන්නට පුඵවන් වගේම තමන්ටද කොටාගැනීමට හැකි නමුත් තමා විසින් ඒ දෙකෙන්ම වැළකී සිටින බව වයඹ පළාත් සභාවේ නව ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසානායක මහතා අද පැවසීය.

ධර්මසිරි දසනායක මහතා මේ බව පැවසුවේ වයඹ පළාත් සභාවේ හත් වැනි මහඇමැතිවරයා වශයෙන් අද උදෑසන වයඹ ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී සිය රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කරමිනි.

අද උදෑසන වයඹ පළාත් සභා සංකීර්ණය වෙත පැමිණි ධර්මසිරි දසනායක මහතා වයඹ ප‍්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න මහතා ඇතුඵ රාජ්‍ය නිලධාරීන් විසින් බුලත් හුරුඵ දී පිළිගනු ලැබීය. පළාත් සභා සංකීර්ණ භූමියේදී ජාතික ධජය සහ වයඹ පළාත් ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය සහ වයඹ පළාත් ගීතයද ගායනා කරනු ලැබීය. අනතුරුව වයඹ ආණ්ඩුකාර කාර්යාල භූමියේ පිහිටි බෝධීන් වහන්සේ වෙත ගිය ධර්මසිරි දසනායක මහතා එහි පැවැති බෝධි පූජා පින්කමටද සහභාගි විය. ඉන් අනතුරුව වයඹ ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ධර්මසිරි දසනායක මහතා මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඡායනා මධ්‍යයේ පෙරවරු 10. 05 ට යෙදුණු සුබ මොහොතින් ලිපියකට අත්සන් තැබීමෙන් වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධූරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කළේය.

රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස ඇමැතූ ධර්මසිරි දසනායක මහතා මහඇමැතිකම යනු බලගතු ආයුධයක් බවත් එයින් අනිත් අයට කොටන්නට පුඵවන් වගේම තමාටද කොටාගැනීමට හැකි බවද හෙතෙම පැවසීය. නමුත් වයඹ නව ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස තමා එම ක‍්‍රියාවන් දෙකෙන්ම වැළකී සිටින බවත් සාධාරණ, අපක්ෂපාතී සහ සියඵ දෙනාටම සමාන ලෙස සලකමින් ඉදිරි වැඩකටයුතු කරගෙන යන බවද හෙතෙම පැවසීය.

ධර්මසිරි දසනායක මහතා රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අභ්‍යන්තර, වයඹ සංවර්ධන සහ සංස්කෘතික අමාත්‍ය එස්. බී. නාවින්න මහතා, ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය වයඹ පළාත් සභාව නියෝජනය කරන මැති ඇමැතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුඵ රාජ්‍ය නිලධාරීන් සහ ධර්මසිරි දසනායක මහතාගේ පවුලේ ඥාතීන් ඇතුඵ පිරිසක් සහභාගී වී සිටියහ.

නව ප‍්‍රධාන අමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන් වයඹ පළාත් සභාව විසින් සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයක්ද අද වයඹ පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

darmasiri 01 copy darmasiri 02 copy darmasiri 003 copy darmasiri 03 copy darmasiri 04 copy darmasiri 05 copy darmasiri 06 copy darmasiri 07 copy darmasiri 08 copy darmasiri 09 copy darmasiri 10 copy

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article