Monday, November 18, 2024

අනාගතයට සහතිකයක් අනිවාර්යයි. මහින්ද කුරුණෑගල අවසන් රැළියේදී ශපථ කරයි.

Must read

පැහැදිලි සංවර්ධනයකට රට ගෙනියන බවත් , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විසින් ඉදිරිපත් කර ඇති ලෙසම අනාගතයට සහතිකයක් අනිවාර්්‍යයෙන්ම ඉටුකරන බව මේ ශපථ කරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතා  අද (14 දා ) පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කුරුණෑගල මාළිගාපිටියේදී  අද පස්වරුවේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් මහා රැළිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.

අද අපිට මැදමුලනෙන් ආපු මහින්ද කියලා කිව්වා. තව ටික දවසකින් යන්නේ කුරුණෑගලින් , වයඹින් ආපු මහින්දය කියලා. වයඹින් පණ දුන් මහින්ද කියලා. මම ආවේ මේක දාලා යන්න නෙවෙයි කියලා මුලින්ම කියන්න ඕනෑ.

අපි කුරුණෑගල දිස්ත‍්‍රික්කයට මහා දැවැන්ත සංවර්ධනයක් ගෙනාවා. ඒක තවදුරටත් අපි ඉදිරියට ගෙන යනවා. තමුන්නාන්සේලාගේ මේ වයඹට අපි දැදුරු ඔය ව්‍යාපාරය ගෙනාවා. දැදුරු ඔය ව්‍යාපාරය පටන්ගන්නකොට අපේ කථානායකතුමා මේ පැත්තේ ආවා. ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුයි, එක්සත් ජාතික පක්ෂයේ සහෝදරවරුයි එදා එකතුවෙලා ගල් ගැහැව්වා. මතකද ? කථානායකතුමාට ගල්ගහලා බලහත්කාරයෙන් තමයි දැදුරුඔය ගෙනත් දුන්නේ. අද ගහයිද ? නෑ. මට මතකයි අපි මෙහාට සීයට අනූපහකට විතර විදුලිය දුන්නා. ඉතිරි ටිකත් අපි දෙනවා. මට මතකයි නොරොච්චෝලේ ආව කාලේ මේකට විරුද්ධව පෙළපාලි ගියා. නොයක් හේතු නිසා නොරොච්චෝලේ නැවැත්තුවා. නමුත් අපිට පුඵවන් වුණා නොරොච්චෝලේ පටන් ගන්න. ඒක නිසා තමයි අදත් විදුලිය ලැබෙන්නේ. දැන් මේක ඇහැව්වාම චන්ද්‍රිකා නෝනා කියනවා මමනේ මේක ගෙනාවේ. ( සභාවෙන් ඝෝෂා ) එහෙම නෝනලාට හූ කියන්න එපා. හැම එකම ගෙනාවේ එතුමියනේ. අපි මොකුත් කරලා නෑ.

බොහොම පැහැදිලි සංවර්ධනයකට අපි මේ රට ගෙනියනවා. අපි ඔබට දීලා තියෙනවා, රටට පණදෙමු , අඵතින්ම පටන්ගමු, අනාගතයට සහතිකයක්. මේ සහතිකය අනිවාර්්‍යයෙන්ම ඔබ වෙත ඉටුකරනවයි කයන එක මේ වෙලාවේ ශපථ කරනවා. අපි මේ රටේ පාරවල් ගෙනාවේ , හයිවේ හැදුවේ, නොරොච්චෝලේ විදුලි බලාගාර හැදුවේ, ඉස්පිරිතාල අඵතින් හැදුවේ, නගර ගොඩනැගුවේ මේ සියල්ලක්ම කළේ මේ රටේ සංවර්ධනය සදහා. උන්නතිය සදහා. ආර්ථිකය ගොඩනැගීම සදහා. කොළඹ තිබිච්ච මුඩක්කු සියල්ලක්ම ඉවත්කරලා අඵත් නගරයක් බවට පත්කරපු නිසා නිසා තමයි ලෝකයේ සීඝ‍්‍රයෙන්ම දියුණුවෙන නගරය බවට කොළඹ නගරය පත් වුණේ. අපි මේ දිස්ත‍්‍රික්ක මෙහෙම අඵතින් හැදුුවේ මේ රටේ මිනිස්සුන්ට හොදින් ජීවත් වෙන්න . අද මොකද වෙලා තියෙන්නේ ? අද මේ සංවර්ධනය නැවැතිලා. ලක්ෂ පහළොවකට රැකියා නෑ. ගල් කඩන කම්කරුවාගේ ඉදලා, මේසන් වැඩ කාර්මිකයා, වඩු කාර්මිකයා, කාර්මික නිලධාරී, ඉංජිනේරු මහත්වරුන් මේ කාටත් රැකියා නෑ. එක සමාගමකින් විතරක් ඉංජිනේරු මහත්තුරු හත්සීයක් අස් කළා. ඇයි මේ ? කාගෙන්ද පළිගන්නේ. මගෙන්ද ? නෑ.

අධිවේගී මාර්ගය ආවා නම් මේ කුරුණෑගල, පොල්ගහවෙල ප‍්‍රදේශ දැවැන්ත සංවර්ධනයකට යොමු වෙනවා. ඒ අධිවේගී මාර්ගය නැවැත්තුවා . ඒකට කිව්වේ මොකක්ද ? මහින්ද මේකෙන් සීයට අනූවක් සාක්කුවේ දාගන්නවා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ අඩි දොළහක් උසින් පාලමක් විදිහට ගෙන එන්න තිබුණු අධිවේගී මාර්ගය අඩි පහකට බස්සලා කණ්ඩියක් උඩින් පස් පුරවලා දැම්මා. ලාබෙට කියලා. මිලියන දෙකහමාරෙන් සියයට දහයකින් කරනවා කියපු අය පළවෙනි හැතැප්ම හතර කරන්නේ මිලයන හත ගාණේ. ඉතුරු ටික මිලියන හතර හමාර ගාණේ. මම අහනවා දෙක හමාර ලොකුයිද හතහමාරට වඩා. රනිල්ගේ ගණන් අනුව එහෙමයි. මේවට කියන්නේ හයි වේ රොබරි. අර සෙන්ට‍්‍රල් බෑන්ක් රොබරි වගේ තමයි. හයි වේ රොබරි එකයි දෙකම එකයි.

මහින්දෝදය විද්‍යාගාර අපි හැදුවා. අවුරුද්දක් ඇතුලත දාහක් හදන්න අපිට පුඵවන් වුණා.අපි දෙසීයක් විවෘත කළා. මේ කට්ටියට පනහක් විවෘත කරගන්න බැරි වුණා. මෙයාලටද අධ්‍යාපනය දෙන්නේ ? ගමේ කොල්ලෝ කෙල්ලෝ ඉගෙනගන්නවාට කැමැති නෑ. ගමේ කොල්ලෝ කෙල්ලෝ ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, ජපන්, කොරියන්,චීන, භාෂා ඉගෙන ගන්නාවාට විරුද්ධයි. භාෂාගාරේ එහෙමම ඇතුලේ කියෙනවා පුස් කකා. පාව්ච්චි කරන්නේ. ඒකට ගුරුවරු දෙන්නේ නෑ. හැබැයි මහින්දෝදය කෑල්ල නම් මුලින්ම කපනවා. මොකද ඒක තිබුණොත් මාව මතක් වෙන නිසා.

මම ලංකාවට වැඩිපුර ගුවන් තොටුපළක් හැදුවා . මොකද හදිස්සියක් වුණොත් ගුවන්යානා ඉන්දියාවේ චෙන්නායිවලට ගෙනියන්න වුණා. මේක හැදුවයින් පස්සේ වහලා තිබුණත් අහසින් යන හැම ගුවන් යානයකින්ම ගාණක් එනවා. ඩොලර්වලින් . අපි මේකෙන් ලාභ ලැබුවා. දැන් මත්තල වහලා වී අලෙවි මණ්ඩලයට දීලා වී දාපන් කියලා. ඒ වගේම වරාය. දැන් කියනවා වරාය හොදයිලූ. හැබැයි පොඩියට හදන්න තිබුණලූ.

අද උතුරු නැගෙනහිරට වෙනම පාලනයක් ඉල්ලනවා. මේක පොඩි රටක්. ඒකීය රටක් තුළ පාලනය බෙදාගන්න බෑ. එහෙම වෙනම රාජ්‍යයක් හදන්න දෙන්න බෑ. දැන් සමහරු කියනවා අපි සුඵ ජාතීන්ට අසාධාරණ විදහට සලකනවාලූ. ප‍්‍රභාකරන් නැතිවීමෙන් වඩාත් වාසි වුණේ දෙමළ ජනතාවට. මුස්ලිම් ජනතාවට. ඒ අයව පන්නලයි හිටියේ. ආපහු ගම්වලට ගිහින් පදිංචි වුණා. ළමා සොල්දාදුවන්ගේ කරෙන් සයිනයිඩ් කරල අයින් කළා. එහෙම කරලා එක්සේසත් කරපු රට ආපහු දෙකඩ කඩන්න දෙන්න බෑ.

මම තරුණ තරුණයින්ට කසාද බදින්න ලක්ෂ දෙකක් දෙනවා කීවාම ඒකත් විහිලූවට අරගෙන.
පිටරටින් ආව ආයෝජකයෝ පන්නලා පාතාලයට එන්න කිව්වා. මතකද ගෝනවල සුනිල් . ගෝනවල සුනිල් ගෑනු ළමයෙක් දූෂණය කළාම ඇතුළේ හිටයේ දවස් දෙකයි. එයාට දුන්නා සාමාදාන විනිශ්චයකාරකමක්. මෙහෙම ආණ්ඩුද ඕනේ ? යැයි පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂක විමල් වීරවංශ , හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ඇතුඵ කථිකයින් කිහිපදෙනෙකුම මෙහිදී කතා කළහ.

මෙම රැළියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත‍්‍රික් අපේක්ෂකයින් , කලාකරුවන් , පළාත් සභා මැති ඇමැතිවරුන් ඇතුඵ පිරිසක් සහභාගි වී සිටියහ .upfarally05 copy upfarally04 copy upfarally2 copy 8/14/2015 6:36 AM upfarally 01 copy

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article