Saturday, January 18, 2025

අනවිළුන්දාවේ රැම්සා තෙත්බිම විනාශ කිරිම ගැන හොයන්නත් කමිටුවක් ?

Must read

118217375_10158361452016327_924776245560203246_nආරච්චිකට්ටුව ආනවිලුන්දාව රැම්සා තෙත්භූමයේ කඩොලාන පරිසරය තුළ අක්කර දෙකක පමණ ප‍්‍රමාණයක් ඩෝසර් කර එහි ඉස්සන් වගාව සඳහා පොකුණු සකස්කළ පුද්ගලයන් සහ එම විනාශය පිළිබඳව නිරීක්ෂණය කිරීමට සිව් පුද්ගල කමීටුවක් පත්කිරීමට වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා කටයුතු කර ඇතැයි අද වෙබ් අඩවිය විසින් වාර්ථා කොට තිබේ

අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම මෙම පරිසර විනාශය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදි මෙම පත්කිරීම කඩිනමින් සිදුකරනු ලැබ තිබේ

කමීටුව සඳහා අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර, පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, වනජීවි අධ්‍යක්ෂ, පුත්තලම දිසා ලේකම් එල්. ජේ. එම්. ජී. චන්ද්‍රසිරි බංඩාර යන නිළධාරීන් මෙම අමාත්‍ය වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ මෙම රැම්සා තෙත්භූමිය සමස්ථ ලෝකයම පිළිගත් ආසියාවේ විශේෂ තෙත්භුමියක් බවයි.

මෙහි ජෛව විවිධත්වය හා සංක‍්‍රමණ පක්ෂීන්ගේ සහ පරිසර සුන්දරත්වය පිළිබඳව ලෝක සිතියමේ විශේෂ සටහනක් තබාතිබීම හේතුවෙන් සංචාරකයින් පවා පැමිණිම නිරන්තරයෙන් සිදුවීමෙන් එය විදේශ විනිමය රටට ගලා ඒමේ තෝතැන්නක් බ වයි.

මෙවන් උරුමයක් සම්පතක් විනාශ කරන්නට දතකන  ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට නිසි දඩුවම්දීමට මැලිනොවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.සතියක් ඇතුලත මේපිළිබඳව පූර්ණ වාර්තාවක් සකස්කොට තමා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසට උපදෙස් ලබාදුන් අමාත්‍යවරයා මෙම විනාශයට සම්බන්ධ සෑම පුද්ලයෙකුම හා යනත‍්‍රයක්ම වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලීසියට උපදෙස් ලබා දුන්නේය.
කෙසේ වෙතත් රටේ සිදුවන දේවල් වෙනුවෙන් කමිටු පත්කිරිම දැන් කාගේත් විහිළුවකට පවා පත්ව තිබේ.
මෙවන් සිදුවිම් හරහා මතුවන්නේ මෙසා වැදගත්කමක් සහිත ජාත්‍යන්තර අවධානය යොමුව තිබෙන තෙත්බිමක් විනාශකරන්නට තරම් බිය සැක නැති පසුබිමක් දැන් රටතුල නිර්මාණය වි තිබෙන බව රටත් ලෝකයාත් හමුවේ හෙලිදරව් වි තිබිමය.
විනයගත රටක් හදන්නට යැයි කියා පැමිණි  ජනපති ගෝඨාභය රාජපක්ෂට රටතුල විනය පිහිටුවිමට නොහැකි වි ඇති බව දැන් මොනවට ඔප්පු වි හමාරය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article