මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පිළිබදව සොයාබැලීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16 දා) පස්වරුවේ කුරුණෑගලදී හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර යටතේ පොතුහැර සිට කුරුණෑගල දක්වා දේශීය සමාගම් විසින් සිදුකරනු ලබන ඉදිකිරීම් මෙහිදී අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. කුරුණෑගල හේනමුල්ල සහ ගැට්ටුවාන ප්‍රදේශවල පිහිටි වැඩබිම් වෙත ගිය අගමැතිවරයා එම ඉදිකිරීම් භාර නිලධාරින්ගෙන් තොරතුරු විමසා බැලූ අතර ඉදිකිරීම්වල නියුතු කම්කරු සේවකයින් සමග සුහද පිළිසදර යෙදීමටද අමතක නොකළේය. ලක්ෂ්මන් කිරිඇල්ල, අශෝක් අබේසිංහ සහ ජේ. සී. අලවතුවල ඇතුලු මැති ඇමැතිවරුන් පිරිසක්ද අගමැතිවරයා සමග මෙම අවස්ථාවට එක් වී සිටියහ.
එහිදී අගමැතිවරයා මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබදව පළකල අදහස් පහත වීඩියෝවෙන් දැක්වෙයි.