පුත්තලම මහඅධිකරණයේ පෙනී සිටින නීතිඥවරියකුව, අධිකරණයට ගරු නොකිරීම සහ බොරු ප්‍රකාශ කිරීම හේතුකොට ඊයේ (28) රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවන්දුරුගොඩ මහත්මිය විසින් නියෝග කර තිබේ. අදාළ නීතිඥවරිය අධිකරණයට ගරු නොකර අධිකරණය තුළට ඇතුල්වීම හා අසත්‍්‍ය කරුණු ඉදිරිපත්කරමින් අධිකරණයට අපහාස කිරිම යන කාරණා පදනම් කරගනිමින් මෙම දඩුවම ලබාදී ඇති අතර වරද සිදුකළ නීතිඥවරියට ඇප ලබාගැනිම උදෙසා වු කොන්දේසිද සම්පූර්ණ කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇයව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරිය විසින් නියෝග කර තිබේ.
නලින් හෙන්දුරුගොඩ