(2.53pm) අද රාත්රියේදී ඇලවීම සඳහා සුදානම් කරගෙන සිටි මැතිවරණ පෝස්ටර් තොගයක් ළග තබා ගෙන සිටි බව කියන ජාතික නිදහස් පෙරමුණේ හලාවත ආසන සංවිධායකවරයා අද (15) මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගේ මාදම්පේ නිවසේ තිබී මෙම පෝස්ටර් තොගය සොයාගෙන ඇති ඒවායේ සඳහන්ව ඇතැයි පැවසෙන්නේ ” අප්‍රේල් 21 ඔබට මතකද” 71 කැරැල්ල මතකද වැනි අදහස් වේ.