Saturday, January 18, 2025

අද ආනමඩුවේ කැකිරි සහ වට්ටක්කා කිලෝව රු 200 යි

Must read

watta4

ආනමඩුව නගරය තුල  අද (24 ) වැනිදා පෙරවරුවේ කැකිරි සහ වට්ටක්කා කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 200 ක් දක්වා ඉහළ මිළකට අළෙවි  වී තිබේ. ඇදිරි නීතිය පැය 08 ක කාලයකට අවසන් වීමත් සමග තමන්ට අවශ්‍ය දෑ මිළදී ගැනීම සදහා විශාල පිරිසක් නගරයට එක් රැස්වී සිටින ආකාරයක් දක්නට ලැබුණි.

උඩරට එළවළු මිළ සාමාන්‍ය තත්ත්වයක පැවතියත් ග්‍රාමීය වශයෙන් වගා කරන වට්ටක්කා සහ කැකිරි මිළ මෙතරම් ඉහළ යාම පුදුමයක් බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.ඊට හේතුව වී ඇත්තේ ආණමඩුවට ආසන්නයෙන් පිහිට නවගත්තේගම,මහඋස්වැව,කුඹුක්කඩවල වැනි ප්‍රදේශ වල කැකිරි සහ වට්ටක්කා බහුලව වගා කරන බැවිනි. මේ අතර හලාවත නගරයේ කෙළවල්ලා කිලෝ ග්‍රෑම් 01 ක මිළ රුපියල් 900 ක් දක්වා ඉහළ ගොස් ඇත.

නමුත් සම සහ කටු ඉවත් කරන ලද කෑලි කැපූ කෙලවල්ලා කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 560 ක් වැනි මුදලකට නිවසටම ගොස් අලවි කිරීමේ වැඩටහනක් මේ වන විට ආරම්භ කර ඇති බව සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත මහතා පැවසීය.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article