Saturday, January 18, 2025

අතින් කා හරක් බැලීම

Must read

User comments
User commentsරටේ කිරි නිශ්පාදනය නැංවීම සඳහා රජය විසින් ඉතා ඉහල නිශ්පාදන හැකියාවන් සහිත කිරිදෙනුන් 5000 කට අ

User comments

රටේ කිරි නිශ්පාදනය නැංවීම සඳහා රජය විසින් ඉතා ඉහල නිශ්පාදන හැකියාවන් සහිත කිරිදෙනුන් 5000 කට

ප්‍රමාණයක් 2017 වර්ෂයේදීමෙරටට අානයනය කර අැති අතර එම කිරිදෙනුන් රටේ නොයෙකුත්

පලාත්වල කිරි කර්මාන්තයේ නියැලෙන පිරිස් වෙත සහන ණය සහන පදනමක් මත එහෙත් එක් කිරි දෙනක් සඳහා රුපියල් ලක්ෂ දෙකක් අය කරමින් ලබා දී අැත.
 කිරි නිශ්පාදනය පිළිබඳ දැවැන්ත ඉලක්ක පෙන්වා හඳුන්වා දුන් එම දෙනුන් අපේක්ෂිත කිසිදු ප්‍රතිපලයක් ලබා නොදුන් අතර හඳුනා නොගත් හේතු මත මරණයටද පත්වෙති.
මෙම දෙනුන් රැකබලා ගැනීම සඳහා  වන පහසුකම් සැලසීම පිණිස ගොවිනට අති විශාල වැය බරක් දැරීමට සිදුවී අැති රජය මැදිහත් වීමෙන් ලබා දුන් ණය මුදල් වලට අමතරව මෙම ගොවීන් තමන්ගේ හා වෙනත් මූලාශ්රයන්ගෙන් ලබාගත් මුදල් විශාල ප්‍රමාණයක්ද වැය කොට තිබේ.

User comments
රංජිත් දේවප්‍රිය
වයඹ ටුඩේ කල විමසා බැලීමකදී කුරුණෑගල නිකදළුපොත දෑවැද්ද වත්තේ RDM ගොවිපලේ හිමිකරු රංජිත් දේවප්රිය මහතා කියා සිටියේ රජය හා අදාල සමාගම් ලබා දුන් තොරතුරු අනුව තමන් මෙවන් අවධානමකට පත් වෙතැයි නොසිතූ අතර මේ වනවිට රුපියල් කෝටි තුනක පමණ මුදලක් තමන් ලබාගත් දෙනුන් වෙනුවෙන් දරා අැතත් අපේක්කෂිත කිරි අස්වැන්න නොලැබීමෙන් තමන් අති අසීරු අර්බුධයකට ලක්ව තම ගේදොර පවා බැංකුවලට සින්න වීමට අාසන්නව අැති බවයි.
මෙම තත්ත්වය ගැන ජනාධිපති කොමිසමකින් කරුනු විමසා බැලීමක් කෙරෙතත් එහි ප්‍රතිපල එනතුරු බලා සිටීමට සිදු වුවහොත් තම ජීවිත පවා ඉතිරිව තිබිය නොහැකි නිසා බලධාරීන් තමන්ට ඉක්මන් සහනයක් ලබා දෙනු අැතැයි තමන් අපේක්ෂාවෙන් පසුවන බව ඔහු තවදුරටත් ඔහු කියා සිටියේය.
 මෙම ඛේදවාචකයට මුහුණ දී සිටින පිරිසක් දිවයින පුරා විසිරී සිටින බව වාර්තා වන අතර තමන්ටද සෙතක් සලසා ගනිමින් ජාතික අාර්ථිකයටද ශක්තියක් සලසාලන්නට ගිය මෙම පිරිසක් මෙවන්වූ අර්බුධයකට අැද දැමූ වගකිව යුත්තනි, මොවුනට වහාම සහන සලසනු.


ඥානවීර දිසානායක
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article