Saturday, January 18, 2025

අජිත් ශාන්තට පිහියෙන් ඇන්නාට සුනිල් ශාන්ත එල්ලුම්ගහට.

Must read

කාලාන්තරයක් තිස්සේ පැවැති කෝන්තරයක් මත පුද්ගලයෙකුට පිහිවලින් ඇන ඝාතනය කිරිමේ සිද්ධියකට වරදකරුවන් වු පුද්ගලයින් දෙදෙනෙකුට හලාවත මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර අමල් රණරාජ මහතා විසින් ඊයේ ( 1 දා ) මරණිය දණ්ඩනය පැනවිය.

මෙසේ දඩුවම් නියම වුයේ හලාවත, බංගදෙණිය ,වීරකුමන්දඵවේ පදිංචි විජේසිංහ මුදියන්සේලාගේ රෝයි රෙක්සි මිලන් නොහොත් කොප්පරයා සහ බංගදෙණිය මහ විදුහල පිටුපස පදිංචි ජයසිංහ දිසානායකලාගේ සුනිල් ශාන්ත යන දෙදෙනාටය.මෙම නඩුවේ තුන්වන විත්තිකරු වශයෙන් සිටි බංගදෙණියේ පදිංචි කච්චකඩුගේ ප‍්‍රදීප් චමින්ද නොහොත් සුමිත් නොහොත් මීයා නමැති අය නඩු විභාගය අතරතුර දි සිදුවු රිය අනතුරකින් මිය ගොස් තිබුණි.

1999 පෙබරවාරි මස 10 වන දින හෝ ඊට ආසන්න දිනයකදී හලාවත මහාධිකරණ බලසීමාවේ බංගදෙණිය ,වෙහෙරකැලේ පන්සල පාරේදි දෙහිවත්තගේ අජිත් ශාන්ත කුමාර යන අයට පිහිවලින් ඇණ ඔහුගේ මරණය සිදු කිරිමේ චෝදනාව මත මෙම විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මෙම මිනිමැරුම් නඩුව පවරා තිබුනි.

අධිචෝදනා පත‍්‍රය ඉදිරිපත් කිරිමෙන් පසු විත්තිකරුවන් විසින් තමන් මෙම චෝදනාවන්ට නිවැරදිකරුවන් බව කීමෙන් පසුව ඔවුන්ට එරෙහි සාක්කි විභාගය ආරම්භ විය.

මියගිය තැනැත්තා සහ විත්තිකරුවන් තිදෙනා ගම් දෙකක ජිවත් වී ඇති බවත්, ඔවුන් අතර කාලයක පටන් පැවැති විරසකයක් හේතුවෙන් ඔවුන් අතර නිතර ගැටුම් සහ ආරාවුල් හට ගත් බවත් මෙම නඩුවේ සාක්කිවලින් කියැවිණි.

1999 පෙබරවාරි මස 10 වන දින හෝ ඊට ආසන්න දිනයකදී මිය ගිය අජිත් ශාන්ත කුමාර නැමැත්තා තම මිතුරෙකු සමග පාපැදියකින් ගමනක් යමින් සිටි බවත්, ඒ අවස්ථාවේදී විත්තිකරුවන් තිදෙනා යතුරු පැදියකින් එනු දැක ඇති මරණකරු තමාට යම් විපතක් වෙතැයි බියට පත්ව පලායාමට තැත් කර ඇතත් එම අවස්ථාවේදි ඔහුව ලුහුබැද ආ විත්තිකරුවන් විසින් ඔහුව අල්ලා ගෙන ඇති බවද සාක්ෂි විභාගයේදී හෙළි විය. කොප්පරයා සහ මීයා යන දෙදෙනා ඔහුව තදින් අල්ලා සිටියදී සුනිල් ශාන්ත නමැති විත්තිකරු මියගිය අයගේ පපුවට උල් පිහියකින් ඇන්න බවත් , එවිට බිම වැටුණු අජිත් ශාන්ත කුමාර නැමැති අයගේ පිට ප්‍රදේශයට කොප්පරයා සහ මීයා යන විත්තිකරුවන් විසින්ද පිහියෙන් ඇන්න බවද සාක්ෂි විභාගයේදී හෙළි විය.

අජිත් ශාන්ත කුමාර නැමැත්තාට පිහිවලින් ඇණී‍මෙන් පසුව විත්තිකරුවන් තිදෙනා ඔවුන් පැමිණි යතුරු පැදියේම නැගී පල්ලම දෙසට පලා ගිය බව පොල් ගසක් මුල සැගවීඒ දෙස බලා සිටි දෙහිවත්තගේ පේ‍්‍රමසිරි නමැති අයගේ සාක්ෂි වලින් අනාවරණය විය.

පිහි පහර වැදීමෙන් බරපතල තුවාල ලැබූ මියගිය පුද්ගලයා බඩගාගෙන අසල පිහිටි වෙළදසැලක් අසලට ඇදෙමින් සිටියදී මිය ගිය බවද හෙළි විය.

පැමිණිල්ලේ සාක්ෂි විභාග කිරීමෙන් පසුව විත්තිකරුවන්ට කීමට යමක් ඇතිදැයි විනිසුරුවරයා විසින් විමසා සිටි අවස්ථාවේදී විත්තිකරුවන් දෙදෙනාම කියා සිටියේ තමන් මෙම මරණය සිදු නොකළ බැවින් තමන්ට සමාව දෙන ලෙසය.

විත්තිකරුවන් විසින් අදාළ මරණය සිදු කර ඇති බවට පැමිණිලි පාර්ශ්වය විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට සමත් වී ඇති බවට තීන්දු කළ විනිසුරු රවින්ද්‍ර අමල් රණරාජ මහතා විත්තිකරුවන් දෙදෙනාට මරණ දඩුවම නියම කළේය.

රජයේ අධිනිතිඥ ඉරෝමා නානායක්කාර මහත්මිය පැමිණිල්ල මෙහෙය වු අතර හලාවත පොලිසිය වෙනුවෙන් පොලිස් සැරයන් ලක්ෂ්මන් මහතා ( 16415 ) මෙම නඩුවේ සාක්ෂි මෙහෙයවීය. විත්තිකරුවන් වෙනුවෙන් නිතිඥ තරංග දිසායක මහතා පෙනි සිටියේය.

මරණ දන්ඩණය නියම වු විත්තිකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරින් විසින් බන්ධනාගාර බස් රථය වෙත රැගෙන ගිය ආකාරය ජායාරූපයෙන් දැක්වෙයි.

හලාවත ඔගස්ටින් ප‍්‍රනාන්දු murder_chilw2 murder_chilw1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article