ඇය අපි සේපාලිකා ලෙස හදුන්වමු. එහෙත් ඒ පුංචි සේපාලිගෙන් දැන් නම් වහනය වන්නේ සේපාලිකා මල් සුවඳ නම් නොවේ. ඒ ඇගේ සුවඳ පොඩිත්තත් විෂඝෝර ඇගේම බාප්පා වූ අසංක විසින් මරා දැමු නිසාවෙනි. පුංචි පියකරු මලක් වී පිපෙන්නට ඇගේ හදවතේද දහසක් පැතුමන් මෝරා වැඩෙද්දී ඇගේ මව වෙනත් විවාහයක් කර ගනිමින් ඇගෙන් දුරස් වූවාය. ඒ සේපාලිගේ වයස අවුරුදු දා හතරක් වෙද්දීය. තම අයියාගේ සෙනෙහස නොඅඩුව ඇයට ලැබුණද බීමත් පියාගේ අප‍්‍රසන්න වදන්වලින් මුළු නිවසම පිරී යෑම සුලබ දෙයක් වී තිබුණි.
අසංක සේපාලිට දැක්වූයේ පුදුම තරම් ආදරයක් වුවද ඔහුගේ හිතේ තිබුණේ සේපාලිව වෙනයම් ප‍්‍රයෝජනයක් සඳහා යොදවන්නටය. ඒ ආශාව ඉටු කරගන්නට ඔහු බොහෝ දිනක් මාන බලමින් උන්නේය. වතාවක් දෙකක් නොව වාර කිහිපයක්ම ඔහු ඒ සඳහා අවශ්‍ය ඉඩ හසර සොයමින් වෙහෙසුනේය. දිනක් සේපාලි පාසල් ඇරී නිවසට ආවේ වෙනදා පරිදිමය. පාසල් ඇරී ආ ගමන්ම ඇය තම මිත්තණියගේ නිවසට යන්නේ පුරුද්දක් ලෙසිනි. එහෙත් එදා නිවසට ඇතුල් වූ සේපාලිට අත් වූයේ ඇය හැඳ සිටි ඒ සුදු ගවුම් පොඩිත්ත එක්කම තම බාප්පාගේ කුරිරු ආශාව ඉටු කර ගන්නට ඉඩ දෙන්නටය. මහා දාවලේ කාත් කවුරුත් නැති නිවසේ ඇය අසංකගෙන් මිදී දුවන්නට උත්සාහ ගත්තද ඒ දරුණු දෑත් හමුවේ ඇය තැලී පොඞීවී ගියාය.
සිදුවුයේ කුමක්ද කියා හරිහැටි දැණුම් තේරුම් නොමැති වුවත් ඉන් මාස දෙකකට පමණ පසුව තම මිත්තණිය අතින් ඈ එදා සිදු වූ සිදුවීම විස්තර කළාය. මිත්තණියටද තරු විසි වුණේ ඉන් පසුය. කෑ කෝ ගසා විසඳිය හැකි දෙයක් නොවුනත් තම පුතාගේ මේ අපරාධය හමුවේ ඇය කෙළින්ම අසළ පොලිස්ථානයට ගොස් පැමිණිලි කළාය. එහෙත් ඒ වන විටත් අසංක අතින් සේපාලිව දහ දෙළොස් වතාවකට වඩා දුෂණය වී තිබුණි. පොලිස් පොතේ පැමිණිල්ල ලියූ පොලිස් නිලධාරීන් පරිවාස නිලධාරීන් හා එක්ව ඇය පරිවාසය භාරයට පත් කළ අතර ළමා අතවර කිරීම සම්බන්ධයෙන් අසංක රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මේ ගල්ගමුව ප‍්‍රදේශයේ එක්තරා ගමකින් වාර්තා වූ එක් සිදු වීමක් පමණය. මෙවන් සිදු වීම් අද වන විට මේ ලංකාව පුරා ඕනෑ තරම් සිදුවනවාට කිසිඳු සැකයක් නැත. එහෙත් මෙවන් කි‍්‍රයා කලාපයන් හමුවේ සමාජයට මුහුණ නොදීමට නොහැකි නිසා පොලිස් පොතෙන් වසන්කරන සිදු වීම්ද බොහෝ ප‍්‍රමාණයක් ඇති බවට තර්ක විතර්ක අනවශ්‍ය වන්නේය. දිනෙන් දින ලංකාව පුරා විවිධ පළාත්වලින් වාර්ථාවන ළමා අපචාර පැමිණිලි ක‍්‍රමයෙන් වැඩි වෙමින් පවතී. එවන් සමාජ පරිසරයක් තුළ මෙවන් කි‍්‍රයා සමාජයෙන් වසන් කිරීමද කොතරම් නම් දරුණු අපරාධයක් වන්නේද?
පසුගිය මාස කිහිපය පුරා මෙවැනි ළමා අපයෝජන සිදුවීම් පැමිණිලි හමුවේ වරද කරුවන් වූ පුද්ගලයින් බොහෝ වුවද ඒ පරව ගිය ළමා ජීවිත යළි සුවඳ කරන්නට නොහැකිය. ලංකවේ හතරදික් භාගයෙන්ම වාර්තා වූ පැමිණිලි සංඛාව ඉතා විශාල ප‍්‍රමාණයක් ඇත. උතුරේ විද්‍යා දැරියත් දකුණේ සේයා දැරියත් ආමානුෂික ලෙස දූෂණය කර ඝාතනය කර දැමීමේ සිදුවීමත් සමග බොහෝ දෙනා පාරට බැස උත්ඝෝෂණ කර අපරාධකරුවන් අල්ලා මරා දමන ලෙසට කෑ ගැසූවෝය. එහෙත් මෙවන් අපරාධ වළක්වා ගනිමින් අනාගත දරු පරපුර රැක ගන්නට කිසිවෙකුත් කල්පනා කළේ නැත.
ලංකාව පුරා ළමා දූෂණ හා අතවරකිරීම් පැමිණිලි බොහෝ ප‍්‍රමාණයක් පොලිස් පොත්වල ලියවෙද්දී කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ගල්ගමුව පොලිස් බල ප‍්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් වාර්තා වූ ළමා අපයෝජන පැමිණිලි සංඛාව 25 ක් වී තිබේ. ඒ මෙම වසරේ ජනවාරියේ සිට නොවැම්බර් මාසය දක්වා වූ කාල පරිච්ඡේදය තුළය. මෙම පැමිණිලි 25 න් පැමිණිලි 03 ක් මීගලෑව පොලිස්ථානයෙනුත්, තවත් පැමිණිලි 06 ක් ගිරිබාව පොලිස්ථානයෙනුත්, ඉතිරි පැමිණිලි 14 ම ගල්ගමුව පොලිස්ථානයෙනුත් වාර්තා වී ඇත. මෙවන් කෙටි කාලසීමක් තුළදී මෙවන් විශාල පැමිණිලි සංඛ්‍යාවක් පොලිස් පොතේ සටහන් වන්නට බලපෑ කරුණ කුමක්ද? එසේ වන්නේ කුමක් නිසාද? ප‍්‍රශ්නය මතු වන්නේ එතැනින්ය. අප නොසිතන නමුත් සිතිය යුත්තේ එතැනය.
එහෙත් මෙම කරුණු බොහෝ දෙනෙකුට සිහි ගැන්වෙන්නේ කුමක් හෝ සිදුවීමක් ලංකාවේ කොහේ හෝ ප‍්‍රදේශයක සිදු වූ පසු පමණය. අද වන විට අවුරදු 11 ත් 16ත් අතර ගැහැණු ළමුන්ට මෙන්ම පිරිමි ළමුන්ගේද කුඩා ජීවිත ඉදිරියේ ඇත්තේ විශාල අභියෝගයකි. ඒ මෙවැනි කාම ආශාවෙන් වික්ෂිප්ත පුද්ගලයින්ගෙන් පරිස්සම් වී ඉන්නා එකය. මෙය කිසි ලෙසකින් හෝ මතුපිටින් බලා ඉවත දමනවා වෙනුවට ඇතුළතින් බලා මෙම කි‍්‍රයාදාමයෙන් දරුවන් බේරා ගැනීමට ගත හැකි කි‍්‍රයාමාර්ග සෙවීම කළ යුතුය. මේ පිළිබඳ අප කළ විමසීමකදී මීගලෑව පොලිස් ස්ථානාධිපතිතුමන් කියා සිටියේ ගල්ගමුව වැනි ප‍්‍රදේශයක මෙවැනි අපචාර බොහෝමයක් සඳහා බලපාන්නේ කුටුම්භයේ සාමාජීය ආර්ථික හා සංස්කෘතිමය හැදියාවන් සමගින් බැඳුනු සිරිත් විරිත් බවය. කෙසේ වෙතත් ළමා අපයෝජන සිදුවීම් වළක්වා ගැනීමට මෙන්ම සමාජයෙන් ඒවා තුරන් කිරීම සඳහා ගත හැකි කි‍්‍රයාමාර්ග පිළබඳ එතුමන් මෙසේ අදහස් දක්වා සිටියේය.
‘‘ ඇත්තටම මේ අපයෝජන වැළැක්වීමට වඩා අපිට කරන්න පුළුවන් වෙන්නෙ මැඩපැවැත්වීමට කටයුතු කිරීම. මොකද ළමයින් ආරක්ෂා කිරීම සම්බන්ධව මේ රටේ ආයතන ගණනාවක් තියනවා. ළමා රක්ෂණ අධිකාරිය, පරිවාස දෙපාර්තුමේන්තුව වගේ ඒවා. මේ කාරණයේදී ඒ නිලධාරීන්ටත් වඩා පොලීසිය තමා මහජනතාවත් එක්ක සමීපව ඉන්නෙ. දරුවන් දන්නෙ නෑ අපයෝජනයක් දුෂණයක් සිදු වුනත් මේක අපරාධයක්ද නැද්ද කියන එක. ඇත්තටම දරුවන් දන්නෙ නෑ කරදර වෙන සීමාව කොහෙද කියලා. අද කාලේ අවුරුදු දෙකේ දරුවගේ ඉඳන් දුෂණය වෙන සිදුවීම් අපට වාර්තා වෙනවා. ඒ නිසා අපි පළමුවෙන්ම කළ යුත්තෙ මේ සම්බන්ධව මව දැනුවත් කිරීම. දරුවෙක් දුෂණය වීම මිත‍්‍ර වේෂයෙන් එන අසල්වාසියෙක් අතින් වුන්ත් වෙන්න පුළුවන්. කෙනෙක් දරුවෙක් ස්පර්ෂ කරමින් සතුටක් ලබනවනම් ඒකත් ළමා අපයෝජනයක්. අනික් අතින් පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම මගීන් මේවට අදාල කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන්න පුළුවන්. ඒ ඒ වයසේ ළමයින්ට ඔවුන්ට තේරෙන භාෂාවෙන් මේ සම්බන්ධව කරුණු කියා දීම තුළින් මේ පිළිබඳ දැනුවත් කිරීම හු`ගාක් වටිනවා. ඒ නිසා දෙයක් වුණාට පස්සෙ ඒ පුද්ගලයට දඬුවම් දෙන්න කළින් අපි වැඩිහිටියන් දැනුවත් කළ යුතුයි.‘‘
එසේම දරුවන්ගේ ළදරු මනස ඔවුන්ගේ භාෂා දැනුම හා සමානව කියා දීමතුළින් මේ පිළිබඳ දරුවාට තේරුම් කර දිය හැකි අවස්ථාවක් අපට නිර්මාණය කළ හැකිය. මේ සඳහා විවිධ විකල්ප ක‍්‍රියාමාර්ග ගැනීම තුළ (වීදී නාට්‍ය ) ඒ වෙනුවෙන් යම් කිසි දැනුවත් භාවයක් දරුවාට ලබා දිය හැකිය.
‘‘මේ පළාත් ගත්තාම ගොවි පවුල් තමා බහුලව ඉන්නෙ. මේ ගොවි පවුල ගොඩනැගෙන්නෙ කුස්සියයි සාලයයි කාමරයයි කියන නිවහන තුළ. එවැනි නිවසක කාමරය ඇතුළේ තමා හැමදේම සිද්ද වෙන්නෙ. ඇතැම් වෙලාවට මව පියා කියන දෙන්නගෙ අඹු සැමි හැසිරීම පවා දරුවන් දකින අවස්ථා තියනවා. එහෙම වුනාම සමහර වෙලාවට ළමයින් කම්පනයට ලක් වෙන අවස්ථාත් තියනවා. ඒක මානසික අපයෝජනයක්. තවත් අවස්ථාවක මෙවැනි පවුලක පියා දවස තිස්සේම මහන්සි වෙලා අරක්කු ටිකක් බීගෙන ගෙදර එනවා. ඒ අවාම ඔහු හැසිරෙන්නෙ ඇත්තටම වැඩිහිටියෙක් වගේ නෙමේ. ඒ වෙලාවට ඔහු ක‍්‍රියා කරන ආකාරය කුඩා දරුවන් දකිනවා. බිරිඳගෙන් ඒ ලබන තෘප්තිය ලබන්න ඔහුට තැනක් නොතැනක් නෑ. එහෙම වුනාම සමහර වෙලාවට බිරිඳගෙන් පැමිණිලි එනවා ස්වාමියා හිරිහැර කරනවා කියලා. ඇත්තටම මේක ගැන හොයලා බැලූවොත් බිරිඳ ඒ කි‍්‍රයාවට අකමැති වීම තුළ අර පියා වැඩිහිටි දුවෙක්ගෙන් හරි ඒ සතුට හොයන්න උත්සාහ ගන්නවා. අන්න එතැන ළමා අපයෝජයක් හෝ ළමා දුෂණයක් හෝ සිදු වීමේ ඉඩකඩ තියෙන්නෙ. අනික් කාරණාව තමයි සමාජයේ සාරදර්ම පිරිහෙමින් පවතිනවා. මේ හරහා වැඩිහිටි ළමා දෙකොට්ඨාශයම ඒ සාරදර්ම තුළින් ඈත් වෙනවා. අද ඉරිදා දිනයට දහම් පාසල් යනවා වෙනුවට ටියුෂන් පංතිය වැදගත් වෙලා තියනවා. සාරදර්ම දරුවෙකුට වගේම වැඩිහිටියන්ටත් වැදගත් වීම තුළ මේ ළමා අපයෝජන මැඩපැවැත්වීමට කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා.’’ යැයි ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
එමෙන්ම මේවාට සම්බන්ධ පුද්ගලයින් බොහෝ විට මත්ද්‍රව්‍ය මත්පැන් වැනි මනස විකෘති කරන කාරක වර්ග භාවිතයටද දිගු නැඹුරුවක් දක්වන්නන්ද වන අතර මෙම කි‍්‍රයාවන්ට සම්බන්ධ චෝදනා පිටුපස මත්ද්‍රව්‍ය යන වචනය ඇති බවද අප සෙවූ තොරතුරුවල අඩංගු කරුණක් විය. එමෙන්ම මෙවැනි පහත් කි‍්‍රයාවන්ගේ නිරතවන පුද්ගලයින් ඉතා අඩු අධ්‍යාපන මට්ටමක් ලබා තිබීමත් ඇතැමුන් කිසිඳු දිනක පාසල් අධ්‍යාපනයක් නොලබා තිබීමත් බලපා ඇතැයි මෙම සිදුවීම්වලින් අනාවරණය වූ සාක්ෂි සටහන්වල අන්තර්ගතව තිබේ.
එමෙන්ම ගල්ගමුව වැනි නාගරික පරිසර ව්‍යුහයක් තුළ මෙවැනි ආකාරයේ සිදුවීම් වැඩි වීම කෙරෙහි බලපා ඇත්තේ ග‍්‍රාමීය කුටුම්භවල ආර්ථික, සංස්කෘතිමය සංහිඳියාව පමණක් නෙවේ. ගල්ගමුව නගරය කේන්ද්‍ර කර ගනිමින් ගිරිබාව, මීගලෑව වැනි ප‍්‍රදේශවලින් මෙන්ම අඹන්පොළ, පොල්පිතිගම, නාන්නේරිය, ඇහැටුවැව වැනි හතරදිග් භාගයේම ප‍්‍රදේශවලින්ද දරුවන් එක් රැස්වන සංධිස්ථානයක් වීමද මෙයට බලපා තිබේ. එනම් ගල්ගමුව නගරය නාගරීකරණය වීමද ගල්ගමුව පොලිස් බල ප‍්‍රදේශය තුළ මෙම ළමා අපයෝජන සිදුවීම් වැඞීවීම හදුන්වා දිය හැකිව තිබේ. මේ පිළිබඳ අදහස් දැක්වූ ගල්ගමුව පොලිස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ජී.එන්. දමයන්ති මහත්මිය.
‘‘ගල්ගමුව පොලිස්බල ප‍්‍රදේශය ගත්තාම ග‍්‍රාම සේවා වසම් 69 ක් තියනවා. ඒ වගේම බොහෝ විට අපිට දකින්න ලැබෙන දෙයක් තමයි අධ්‍යාපනික මට්ටම අතින් මේ ප‍්‍රදේශවල ජනතාව ඉතා අඩු මට්ටමක තමා ඉන්නෙ. ඒ වගේම අනෙක් පොලිස් බල ප‍්‍රදේශ දෙක ගත්තාම ගල්ගමුව පොලිස් බල ප‍්‍රදේශය තුළ තමා මව්වරුන් ඒ වගේම කාන්තාවන් විදේශ ගත වීම වැඩියෙන් දකින්න ලැබෙන්නෙ. ඒකට හේතුව තමයි ආර්ථික වශයෙන් ගත්තාම මේ ප‍්‍රදේශයේ කුටුම්භ ඉතා පහළ මට්ටමක සිටීම. මේ නිසා කාන්තාවන් විදේශ ගත වීම මත සැමියා නැතිනම් පිරිමි පාර්ශවය අනියම් සබඳතා ඇති කර ගැනීමට පෙළඹීම සුලභව දකින්න ලැබෙන දෙයක්. ඒ නිසා පියා මත මව විසින් පවරා ගිය දරුවන්ට රැකවරණය ලබා දීම, සෙනෙහෙස කරුණාව දැක්වීම, ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම යනාදිය පියාගෙන් මගහැරී යනවා. ඒ නිසා දරුවන් උත්සාහ ගන්නේ ඔවුන්ට නොලැබෙන ආදරය සහ රැකවරණය සොයාගෙන යන්න. මෙන්න මේ කියන තත්ත්වය මත දරුවෙක් අපයෝජනයට ලක්වීම ගල්ගමුව පොලිස් බල ප‍්‍රදේශය තුළ දකින්න ලැබෙනවා.
අනික් කාරණාව තමා උපකාරක පංති අතින් ගල්ගමුව නගරය මූලාස්ථානයක් බවට පත් වෙලා තියනවා. ඒ නිසා ගල්ගමුව නගරය කේන්ද්‍රකරගෙන අවට ගම්මාන සියල්ලගේම දරුවන් අමතර පංති සඳහා සහභාගි වෙන්නෙ ගල්ගමුව නගරයට. මීගලෑව, ගිරිබාව, අඹන්පොළ, පොල්පිතිගම, නවගත්තේගම කියන හැම ප‍්‍රදේශයකින්ම ළමයි ගල්ගමුව නගරයට ඇදී එනවා. ඒ ළමයි අතර අඩු වයස් වල ළමයි බහුතරයකුත් දකින්න පුළුවන්. ඒ වගේම නගරය හා අවට ගම්මාන අතර පවතින අඩු ප‍්‍රවාහන පහසුකම් හේතුවෙන් දරුවන්ට නගරයේ වැඩිපුර කාලයක් රැඳී සිටීමට සිදු වීම මත පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම්වල අවධානයට මේ දරුවන් ලක් වෙනවා. ඒ නිසා ඔවුන්ගේ ඉලක්ක හොඳ සෝදිසි කිරීමකින් පසුව සපුරා ගන්න හැකියාව ලැබී තිබෙනවා. ’’
මෙවැනි තත්ත්වයක් මත ගල්ගමුව හා අවට පොලිස් බල ප‍්‍රදේශවල ළමා අපයෝජන සිදුවීම් සිදුවීම බොහෝ සෙයින් ඉහළ යන මට්ටමක් දැකිය හැකිය. කෙසේ වෙතත් ළමා අපයෝජනයක භාහිර මෙන්ම අභ්‍යන්තර යන කොටස් දෙකෙහිම වගකීම භාර ගත යුත්තේ කවුරුන් විසින්ද? ඒ පිළිබඳ ගිරිබාව පොලිස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ඊ.එම්. පුෂ්පා දමයන්ති මහත්මිය කියා සිටියේ මෙවැන්නකි.
‘‘ මෙවැනි කි‍්‍රයා සඳහා බහුලවම ගොදුරු වෙන්නෙ අවුරුදු 11 ත් 15 ත් අතර දරුවන්. ඒ කියන්නේ ළදරු අවධිය ඉක්මවලා ළමා අවධියට පා තබපු දරුවන්. කොහොම වුනත් මෙවැනි දරුවන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ලිංගික අපයෝජනයකට ලක් වීම නීතිය පැත්තෙන් සලකන්නෙ ළමා අපයෝජනයක් විදිහට. මේ ප‍්‍රදේශයේ මෙවැනි අපරාධ සිදු වෙන්න ප‍්‍රධාන හේතුව වෙලා තියෙන්නෙ ඒ දරුවන්ගේ දෙමාපියන් විදේශ ගත වීම මත එම දරුවන්ගේ ජීවිත අනාරක්ෂිත වීම නිසා. දෙමාපියන්ගේ ආදරය කරුණාව නොලැබෙන තැන ඔවුන්ගේ අවධානය නොලැබෙන තැන ළමුන් ආදරය හොයාගෙන යනවා. කවුරුහරි චොකලට් එකක් ටොෆියක් දීම පවා ඔවුන්ට සතුටක්. ඒ තුළ දරුවා අර පුද්ගලයා ගැන පැහැදීමක් ඇති කරගැනීම තුළ එවැනි අපචාරයකට ගොදුරු වීමේ හැකියාව තිබෙනවා. පාසල් ගියත් ඉගෙන ගැනීමට කොතරම් දක්ෂ වුනත් ඒ දරුවන් සම්පූර්ණයෙන්ම සමාජයට විවෘත වෙලයි ඉන්නෙ. මේ නිසා ගොඩක් දරුවන් පේ‍්‍රම සබඳතා පටන් ගැනීමේ ප‍්‍රවනතාව වැඩිවෙලා තියනවා. මේ හේතුව නිසා දරුවන්ගෙ කැමැත්ත ඇතිව හෝ නැතිව දරුවන් ලිංගිකව අතවරයට ලක් වීමේ සම්භාවිතාව වැඩි වෙලා තියනවා. නමුත් වයස අවුරුදු 16 ට අඩු දරුවන් කැමැත්තෙන් ලිංගික කි‍්‍රයා සඳහා යොමු වුනත් අපි එය සලකන්නෙ ලිංගික අතවරයක් විදිහට. මේ නිසා මව්වරුන්ට විශාල අභියෝගයක් වෙනවා දරුවන්ගේ ජීවිත සම්බන්ධව. තම දරුවා පාසල් යන්නෙ කොහොමද ආපසු නිවසට එන්නෙ කොහොමද ඉන් පස්සෙ ඇය හෝ ඔහු කරන්නෙ මොනවද කියන සෑම අවස්ථාවක්ම දෙමාපියන් අවධානයෙන් සිටීම වැදගත් වෙනවා. මව තමාගේ දරුවත් සමග සැමවිටම යාහළුවෙක් විදිහට සිටීම තමා වැදගත්ම දෙය. මොකද එවැනි බැඳීමක් තුළ දරුවා සියලූම දේ මවට පවසනවා. ඇතැම් අවස්ථාවල මෙවැනි අපරාධ සිදු වුනත් දෙමාපියන්ට හෝ දරුවා රැකබලාගන්නා අයට දරුවන් විසින් සගවන අවස්ථා තියනවා. එවැනි වෙලාවක දරුවාගේ මිතුරෙකුගේ මාර්ගයෙන් හෝ එය දැන ගැනීමට වැඩිහිටියන් කි‍්‍රයා කළ යුතුයි. දරුවා පාසලේදී හෝ වෙනත් තැනක දෙමාපියන් නොමැති විටක ඉන්නෙ කා සමගද ඇසුරු කරන්නෙ කවුරුන්ද යන්න දැන සිටීම වඩා වැදගත්. මේක දරුවාට දෙමාපියන් තුළින් කියා දීමට හැකියාව තියනවා. මේ ප‍්‍රදේශවල බොහෝ දෙනා ගොවිතැන් කරන අය. ඒ නිසා දරුවන් පසුපස සිටීමේ හැකියාව ඔවුන්ට අඩුයි. නමුත් ඔවුන් යන්නෙ කොහේද කරන්නෙ මොනවද කියලා දෙමාපියන් දැන සිටීම වැදගත්. උදේ ගෙදරින් පිටවෙන දරුවගෙන් දවසේ ක‍්‍රියාවලිය අහන්න පුළුවන්. ඒ විදිහට දරුවාට සමීපව කටයුතු කිරීම තුළ මෙවැනි කි‍්‍රයා ගැන දෙමාපියන්ගේ අවධානම රඳවා ගන්න හැකියාව ලැබෙනවා.’’
කුඩා ගැහැණු ළමුන් මෙන්ම කුඩා පිරිමි ළමුන්ද මෙවැනි අපයෝජන සිදුවීම් සඳහා ගොදුරු වන සිදුවීම් තුළ චීවර ධාරීන්ද එම පහත් කි‍්‍රයාවේ යෙදී ඇති අයුරුද පොලිස් පොතේ සටහන් වී ඇත. මෙම තත්ත්වය හමුවේ මෙවැනි කි‍්‍රයාවකට ලක්වන දරුවන්ට මාපිය සෙනෙහසද අහිමිව පරිවාසයේ ජීවත් වන්නට සිදු වීමද ඔවුන්ගේද එක්තරා පාපයක්දැයි අපට සිතේ. එමෙන්ම මෙවන් සිදුවීමකට ගොදුරු වූ දරුවන් සාමාජීය වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද කඩා වැටෙන අතර අනාගතයේ ඔවුන්ගේ ජීවිත ඉදිරියේ ඇති නොයෙකුත් ප‍්‍රශ්න හමුවේ තව තවත් තාඩන පීඩනවලටම ලක් වීමට සිදු වන්නේය. කෙසේ වෙතත් මෙවන් අපරාධ සඳහා යොමු වන්නන්ට බලපාන සාමාජීය මෙන්ම මානසික තත්ත්වයන් කුමක්දැයි අප සොයා බැලූවෙමු.
‘‘ඇත්තටම ළමා අපයෝජනයක් සම්බන්ධව වැරදිකරුවෙක් වුණ කෙනෙක් සමාජීය වගේම මානසිකවත් කොන් වීමකට එහෙමත් නැත්තම් සමාජයේ පිළිකුලට ලක් වෙනවා. ගොඩක් දුරට මෙවැනි තත්ත්වයන්ට ලක් වෙන්නෙ ආර්ථික මට්ටමින් පහළ, නූගත් අය. සමාජීය පැත්තෙන් එහෙම වැරදිකාරයෙකුට සාමාජයේ බැහැලා ජීවත් වෙන්න බැරි තත්වයක් උදාවෙනවා. ගමක් ගත්තත් ඒ ගමේ මිනිසුන්ගෙන් ඔහුව ප‍්‍රතික්ෂේප වෙනවා. ගමේ භාෂාවෙන් කියනවනම් ගමේ ඉන්න බැරි තැනට ඔහුට පද හැදෙනවා. එහෙම වුනාම ඔහු මානසිකව ඒ ගැන හිතන්න යොමු වෙනවා. ඒ නිසා ඇතැම්විට මන්ද මානසිකත්වයට පවා ලක් වෙන මිනිස්සු අද ඉන්නවා. මොන දඬුවම දුන්නත් තමන්ගෙ හිතින් දෙන දඬුවම විඳින්න අමාරුයි. ඒ නිසා ඔහු තමන් විසින්ම අවතක්සේරුවට ලක් වීම සිදු කරනවා. ඒ වගේම මෙවැනි වැරදිකරුවෙකුට රජයේ රැකියාවකට යන්න හෝ පොලිස් වාර්තාවක් ලබා ගැනීමට හෝ තිබෙන අවස්ථාවත් සම්පූර්ණයෙන්ම නැති වෙනවා.ඒ වගේම රජයේ විභාගයකට පෙනී සිටීමට හෝ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට හෝ තියන අවස්ථාවත් අහිමි වෙනවා. ’’ යැයි ජී.එන්. දමයන්ති මහත්මිය කියා සිටියේය.
කෙසේ වෙතත් මෙවැනි අපයෝජන හෝ දූෂණ කි‍්‍රයාවන් සම්බන්ධව වර්ථමානයේ මාධ්‍යයේ හැසිරීම පිළිබඳවද බොහෝ දෙනා විවිධාකාරයෙන් කතා කරනු අසන්නට ලැබේ. එසේනම් මෙම ළමා අපයෝජන සිදුවීම් වාර්තා කිරීමෙහිලා මාධ්‍ය හැසිරිය යුත්තේ කුමන ආකාරයෙන්ද යන්න ගල්ගමුව පොලිස් ස්ථානාධිපති එච්.එම්.සී.පී. හේරත් මහතා කියා සිටියේ මෙසේය.
‘‘ අද වෙද්දි මාධ්‍ය මගින් යම් කිසි ළමා අපයෝජනයක් හෝ ළමා දුෂණයක් හෝ සිදු වූ වහාම වාර්තා කිරීම සිදු වෙනවා. එය ඇත්තටම හොඳ කි‍්‍රයාවක්. ඒත් කලින් සඳහන් කළා වගේ මාධ්‍ය තුළින් අදාල සිදුවීම අනවශ්‍ය ලෙස හුවා දැක්වී තුළ එය බලන පුද්ගලයන් තුළ ඒ ක‍්‍රමවේදය සම්බන්ධව යම් චිත‍්‍රයක් මතුවෙනවා. ඒ තුළින් තවත් කෙනෙකේ මෙවැනි අපරාධයක් කිරීමට යාමේදී එම ක‍්‍රියාවන් අනුගමනය කිරීමට පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා මාධ්‍ය මගින් යම් සිදුවීමක් හෙලිදරව් කිරීමේදී විමර්ෂණාත්මක තොරතුරු දැනගැනීමකින් පසුව එය සමාජයට ලබා දීම සුදුසුයි කියලා මම හිතනවා.
මාධ්‍ය රටට අවශ්‍ය දෙයක්. යම් තොරතුරක් සමාජ ගත කරන්න මාධ්‍ය මගින් විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ එක්කම මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන්ද අද වෙද්දි විශාල වශයෙන් මාධ්‍ය මගින් සමාජය දැනුවත් කිරීම කරනවා. ඒක ගොඩක් වටින දෙයක්. දරුවන් ආරක්ෂා කර ගන්න දෙමාපියන්ට හෝ වැඩිහිටියන්ට අලූත් ක‍්‍රම හා ආරක්ෂිත න්‍යායන් හඳුන්වා දීම තුළ දරුවන් පිළිබඳ දෙමාපියන්ගෙ අවධානය යොමු කිරීම සිදු කරන්න පුලූවන් වෙනවා. ඒ නිසා යම් සිදුවීමක අහිතකර සමාජ බලපෑම මාධ්‍ය තුලින් හෙලිදරව් කිරීම මත මේ අපරාධ වළක්වන්න හෝ අවම කරන්න මාධ්‍ය යොදා ගත හැකියි. ඒ අනුව මේ සම්බන්ධව වගකිව යුතු නිලධාරීන්, විශේෂඥයින්, නීතිවේදීන් කැඳවලා යම් යම් සාකච්ඡාමය කරුණු මාධ්‍ය මගින් සමාජයට ලබා දීම තුළ මාධ්‍ය මගින් මේ ළමා අපයෝජන සිදුවීම් අවම කිරීම සඳහා දායකත්වය ලබා දිය හැකියි.’’
මෙම ස්භාවිතයන් සමාජ අධ්‍යන්‍ය තුළට යොමු කිරීම තුළින් හෙට දවසේ ලොව දිනන්ට ඉන්නා සිගිත්තන් රැක ගැනීමට කටයුතු කළ හැකිය. එහෙත් මේ මිනිස් සමාජයේ ඇතැම් කුහක ගති ඇත්තවුන් හදන්නට ඇතැම් විටක නීතියටද හැකියාවක් නොලැබෙන විට තම දරුවාගේ මෙන්ම සමස්ථ දරු පරපුරම ඉදිරියේ ඇති අවධානම අප සියලූ දෙනා විසින්ම භාර ගත යුතු වනු ඇත. ඒ නිසා අද පටන් මගේ දරුවා යන පරමාර්ථයෙන් බැහැරව සියලූම දරුවන් රැකගැනීමේ වගකීම අප සියලූ දෙනා විසින්ම භාර ගැනීම තුළ දරුවන්ට පිපෙන්ට අපට ශක්තිය ලබා දීමට හැකිවනු ඇත.
සටහන – කි‍්‍රෂාන් අරෝෂණ මාන්නප්පෙරුම
විශේෂ ස්තුතිය
ගල්ගමුව, මීගලෑව, ගිරිබාව, පොලිස්ථානාධිපති තුමන්ලාට.
වයඹ පළාත් පරිවාස කොමසාරිස් චින්තක රණසිංහ මහතාට.