Saturday, September 21, 2024

ළමා අපරාධ සම්බන්ධ නඩු විභාග කිරීමට නව අධිකරණ පද්ධතියක් අවශ්‍යයි – ළමා අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

Must read

(වීඩියෝ සහිතයි )
පසුගිය මාස කීපය තුළ ඉතාම කණගාටුදායක ලෙස වර්ධනය වන ළමා හිංසනය සම්බන්ධය වැලැක්වීම වෙනුවෙන් පියවර ගන්නා ලෙස   අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය රජයෙන් ඉල්ලා සිටී. ඒ වෙනුවෙන් එම සංවිධානය විසින් රජයට යෝජනා කීපයක් ඉදිරිපත් කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ සම්බන්ධයන් සිය අදහස් ප්‍රකාශ කරන ලදී.  එහිදී වර්තමානයේ දිනෙන් දින වැඩිවී යන ළමා හිංසනය සහ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් සාධනීය යෝජනා කීපයක් රජයට ඉදිරිපත් කරන ලදි.

ලංකාවේ මිලියන 06ක විතර දරු පරපුරක් ඉන්නවා.මේ ගොල්ලෝ වෙනුවෙන් තමයි අපි අනාගතය දකින්න තීරණය  කරන්නේ. අනාගතය වෙනුවෙන් දර්ශක  සකස් කරන්නේ අපේ දරු පරපුර වෙනුවෙන්යි. අපේ රටේ දරුවන් දවසින් දවස කෙලෙසෙනවා නම්, හිංසනයට ලක් වෙනවා නම්,මහමගදී මරාදමනු ලබනවා නම්, අද වර්තමාන වැඩිහිටි පරපුරේ ආශාවන් සන්තෘප්ත කරගන්න,ඕනෑ එපාකම් ඉටුකරගන්න, බලහත්කාරය පාවිච්චි කරලා මේ ජීවිත  බිලිගන්නවා නම් අපේ දරුවන්ට අනාගතයක්  නැහැ වගේම ජාතියට ,රටට අනාගතයක් තියෙන එක ගැන අපට කතාකිරීමට දෙයක් ඉතුරු වෙන්නේ නෑ.

ලංකාවේ මේ මිලියන 06ක් වේච දරුවන්ගෙන් සෑඹ පැය දෙකකට වරක් ළමා අපයෝජනයක් කොහේ හෝ තැනක සිද්ධ වෙනවා. මේක ඛේතදනීය තත්ත්වයක්. පැය දෙකකට වරක් ළමා අපයෝජනයක් සිද්ධ වෙනවා කියන්නේ දවසකට ළමුන් 12 දෙනෙකු පමණ අපයෝජනයට ලක් වෙනවා. මේ අපයෝජනයට ලක්වීම මීට අවරුද 15 කට පමණ පෙර දැරියන් පමණයක් අපයෝජනයට ලක්වීම දකින්නට සිදුවුනේ. මේ වෙනකොට පිරිමි ළඹයින් සහ ගැහැණු ළමයින් කියලා වෙනසක් නැතිව සමස්ත දරු පරපුරම අපයෝජනයට ලක්වෙනවා. ඒක ආගමික ආයතන වල සිද්ධ වෙනවා,  අධ්‍යාපනික ආයතන වල සිද්ධ වෙනවා , වෛද්‍යවරයේ ලගට බෙහෙත් ගන්ඩ ගියාම ,පාසලේ ගුරුවරයා ලගදී , ගෘහස්තව තමන්ගේ ඥාතීන්ගෙන් , මේ දරුවන්ට ලගම ආයතන වලින් මේ සිද්ධ වන මේ හිංසනය දැඩි ඛේදවාකයක් හැටියටයි අපි දකින්නේ. හේතුව තමයි ළමයි කියන්නේ හඩක් නැති පිරිසක්, දරුවන් කියන්නේ තමා වෙනුවෙන් කමාට පෙනී සිටින්න බැරි පරිසක්, තමාට තමාව නියෝජනය කරන්න බැරි පිරිසක්.
දරුවන්ට නීතිය හමුවට ස්වේච්ඡාවෙන යන්න බෑ , තමන්ට සිද්ධ වෙච්ච අපරාධය පිළිබදව නැගිටීමක් සංවිධානය වීමක් කරන්න බෑ. දරුවන්ට සිදුවන අපරාධ මේ සමාජය තුළ හුදකලා සිදුවීම බවට පත්වෙලා වැළලිලා යනවා. ඒ නිසා තමයි විශේෂයෙන් කාන්තා සංවිධානයක් වෙච්ච අපි වගේ සංවිධාන වලට මේ විදිහට සංවිධානය වෙලා දරුවන් රැකගනිමු කියන මාතෘකාව කරලියට ගේන්ඩ සිද්ධ වෙලා තියෙන්නේ.  මොකද ළඹයින් කියන්නේ හඩක් නැති පරිසක් ඔවුන්ට සිද්ධ වෙන හිංසන ,අපරාධ වලට දවසින් දවස වැඩිවනවා කියන්නේ මේ සමාජය අරගෙන යන්නේ ඛේදනීය තත්ත්වයකට. ඒක නිසා

මේකේ කාරණ දෙකක් තිබෙනවා. එකක් තමයි ළමා අපරාධ සිද්ධ වෙන සමාජයක් අනාගතයේදී  මනෝ සමාජීය වශයෙන් පිරිහුන සමාජයක් බවට පත්වෙනවා. සමාජයට වෛර කරන තරුණ පරපුරක් සහ සමාජයට වෛර කරන සමාජයක් බවට පත්වීමට හේතු වෙනවා මේ දරුවන්ට සිදුකරන අපරාධ.

ඒ හැරැණුකොට රටක සංස්කෘතිතක අතින් ගත්තාම අපි කොච්චර ම්ළේච්ඡ ද ? සංවර්ධන දර්ශක  ගැන මොනවා කතා කළත් අපි සංස්කෘතියක් හැටියට ම්ලේඡ්ච ද ? දරුවෙක් අපයෝජනය කරන්නට තරම් ? භෙෘතික සංවර්ධන දර්ශක අතින් ගත්තත් අපි දිනෙන් දින කඩා වැටෙන තත්ත්වයක් , මනෝ සමාජීය දර්ශන අතින් ගත්තත් අපි රටක් හැටියට කඩාවැටෙන තත්ත්වයක්.  භෞතික සංවර්ධන ඉලක්ක කරා යන්න බැහැ අපරාධයට ලක්වෙච්ච දරු පරපුරක් එක්ක. මනෝ සමාජීය ඉලක්ක වලට යන්න බැහැ අපරාධ වලට ලක්වෙච්ච දරු පරපුරක් එක්ක. ඒ නිසා මේ වෙලාවේ අපි කියනවා මේක රජයේ වගකීක්, ආණ්ඩුවේ වගකීමක් වගේ ම සමස්ත ජනතාවගේ වගකීමක් අද දවසේ දරුවන්ගේ අනාගතය රැකගන්න ඉදිිපත්වීම. දරුවන් වෙනුවෙන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන එක.  එහෙම වුණොත් විතරයි අපිට උසස් මානසික වින්දනයක් තියෙන , සතුටින් ජීවත්වන ,මානව ප්‍රේමයෙන් වටපිටාව ගැන අනෙකා ගැන බලන්න පුලුවන් සමාජයක් නිර්මාණය කරගන්න පුලුවන් වෙන්නේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article