Sunday, November 24, 2024

හොදම පාසලක් ඉල්ලූ වෛද්‍ය වර්ජනයෙන් රෝගීහු නරකටම වැටෙති. ( PHOTOS )

Must read

dr_strike_2වෛද්‍යවරුන්ගේ දරුවන් ජනප‍්‍රිය පාසල් සදහා ඇතුළත් කරගැනීමේදී අසාධාරණයක් සිදු වී ඇති බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් අද ( 15 දා) ක‍්‍රියාත්මක කළ වෛද්‍යවරුන්ගේ සංඛේත වැඩවර්ජනය හේතුවෙන් ප‍්‍රතිකාර ලබාගැනීම සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ සිටි ගැබිණි මව්වරුන්, වියපත් පුද්ගලයින් සහ ළමා ළපටීන් ඇතුඵ රෝගීහු දහස් ගණනක් දැඩි දුෂ්කරතාවයන්ට පත්වූහ.

අද පෙරවරු 8 සිට දහවල් 12 දක්වා ක‍්‍රියාත්මක වූ මෙම සංඛේත වැඩවර්ජනය හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ බාහිර රෝගී ප‍්‍රතිකාර ඒකකයේ සහ සායනවල රෝගී ප‍්‍රතිකාර සේවාවන්වලින් වෛද්‍යවරුන් ඉවත් වී සිටියහ. මේ නිසා ප‍්‍රතිකාර අපේක්ෂාවෙන් රෝහලට පැමිණ සිටි රෝගීන්ට රෝහල් බංකු මත වාඩිවී දහවල් දොළහ පසුවන තෙක් බලා සිටින්නට සිදු වූ අතර තවත් රෝගීහු විශාල ප‍්‍රමාණයක් ප‍්‍රතිකාර නොලබා ආපසු හැරී ගිය ආකාරයද දැකගත හැකි විය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ පැවැත්වෙන මාතෘ සායනයක් සදහා සහභාගිවීමට අද අලුයම් කාලයේ සිට එහි පැමිණ සිටි ගර්භනී මව්වරුන් පිරිසකට පෙරවරු 10 පමණ වන තෙක් බංකුවල වාඩිවී අසීරුවෙන් කාලය ගෙවාදමන්නට සිදු වූ අතර පෙරවරු 10ට පමණ එම ගැබිණි මව්වරුන්ට හෙද කාර්ය මණ්ඩලය විසින් දැනුම්දෙනු ලැබුවේ වෛද්‍ය වර්ජනය හේතුවෙන් අද දිනට නියමිත මාතෘ සායනය නොපැවැත්වෙන බවය. මේ හේතුවෙන් ඉතා දුරබැහැර ප‍්‍රදේශයන්හි සිට කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ සිටි ගර්භනී මව්වරුන් ඇතුලු විශාල පිරිසකට කිසිදු ප‍්‍රතිකාරයක් නොලබා රෝහලෙන් පිට වී යන්නට සිදු විය.

වෛද්‍ය වර්ජනය පිළිබදව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කදන්ගමුව මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවසුවේ වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් රෝහලේ බාහිර රෝගී ප‍්‍රතිකාර ඒකකය සහ සායනවල ප‍්‍රතිකාර කටයුතු අඩාල වූ නමුත් නමුත් හදිසි ප‍්‍රතිකාර, හදිසි ශල්‍යකර්ම සහ දැඩි සත්කාර ඒකකවලට අදාළ රෝගී සත්කාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බවය. අද දහවල් දොළහට වෛද්‍ය වර්ජනය අවසන්වීමෙන් පසුව රෝහලේ සියලුම ඒකකයන්හි රෝගී ප‍්‍රතිකාර කටයුතු සාමාන්‍ය තත්වයට පත් වූ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

dr_strike_17වෛද්‍ය වර්ජනය හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය හිස්ව තිබූ අයුරු.dr_strike_3
වෛද්‍යවරුන් ප‍්‍රතිකාර කටයුතුවලින් ඉවත්වීම නිසා බාහිර රෝගී අංශයේ සහ සායනවල වෛද්‍යවරුන්ගේ මේස අද දිනයේ දිස්වූයේ මෙලෙසිනි.dr_strike_4 dr_strike_5 dr_strike_6
බාහිර රෝගී අංශයේ බෙහෙත් නිකුත් කිරීමේ කවුඵ පාලුවට ගොස් තිබූ අයුරුdr_strike_7
ප‍්‍රතිකාර සදහා පැමිණ සිටි රෝගීහු වර්ජනය අවසන් වනතෙක් රෝහල් බංකු මතට වී කාලය ගෙවූ අයුරුdr_strike_9 dr_strike_16 dr_strike_10 dr_strike_15 dr_strike_8dr_strike_12dr_strike_11

සායන සදහා පැමිණ අපහසුතාවයට පත්ව සිටි ගැබිණි මව්වරුන් පිරිසක්dr_strike_13
මාතෘ සායන අවලංගු කිරීම නිසා ගැබිණි මව්වරුන් රෝහලෙන් පිට වී ගිය අයුරුdr_strike_14

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article