Saturday, January 18, 2025

හෙදියන්ගේ වැඩ වැරුමකින් වයඹ රෝහල්වලට අසාධ්‍යයි !

Must read

වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති බව කියන අවිධිමත් ස්ථාන මාරුවීම් වහා අවලංගු කරන්නැයි ඉල්ලා වයඹ පළාත තුළ පිහිටි රජයේ රෝහල්වල හෙද නිලධාරීහු අද උදෑසන අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කළහ.

මෙම වැඩවර්ජනය සදහා මධ්‍යම රජය මගින් පාලනය කෙරෙන කුරුණෑගල ශික්ෂණ රෝහල සහ හලාවත මහ රෝහල හැර වයඹ පළාත තුළ පිහිටි අන් සියඵම රෝහල්වල හෙද කාර්ය මණ්ඩල එක් වී සිටිති. අදාළ වැඩවර්ජනයට අනුව යමින් වයඹ පළාතේ රෝහල්වල හදිසි අනතුරු ඒකක, සූතිකාගාර, දැඩි සත්කාර ඒකක ඇතුඵ අත්‍යාවශ්‍ය සේවා හැර අන් සියඵ රෝහල් සේවාවලින් හෙද කාර්ය මණ්ඩල මේ වනවිට බැහැර වී සිටිති.

දැනට සේවය කරන රෝහල්වල සිටි ඉතා දුරබැහැර පිහිටි රෝහල් වෙත ලබාදී වයඹ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුම මගින් ලබා දී ඇති අවිධිමත් ස්ථානමාරුවලට විරෝධය දැක්වීමට මෙම වැඩවර්ජනය ආරම්භ කළ බව හෙද සංගම් නියෝජිතයෝ ‘වයඹ ටුඩේ ’වෙබ් අඩවියට පැවසූහ. අනෙකුත් රාජ්‍ය සේවකයන්ගේ කාර්යාල වේලාවන් සමග හෙද නිලධාරීන්ගේ වැඩකරන
වේලාවල් කිසිසේත් සැසදිය නොහැකි බවත්, නිවසේ සිට දුරබැහැර පිහිටි රෝහල්වල සේවය සදහා උදෑසන 7 වන විට වාර්තාකිරීම අපහසු කරුණක් බවද වැඩවර්ජනයේ යෙදී සිටින හෙද හෙදියෝ පවසති. කිසිදු පළාතක හෝ ජාතික ප‍්‍රතිපත්තියක ක‍්‍රියාත්මක නොවන අයුරින් වයඹ පළාත් සභාවේ පමණක් මෙලෙස අවිධිමත් ස්ථාන මාරුවීම් ලබාදීම විශාල ගැටලූවක් බවද ඔවහු වැඩිදුරටත් කියති. සියඵ හෙද වෘත්තීය සමිති ඒකාබද්ධ වී මෙලෙස වැඩවර්ජනයක් ආරම්භ කළ බවත්, මින් ඉදිරියටත් විසදුමක් නොලැබුණහොත් අත්‍යාවශ්‍ය සේවාවලින් පවා බැහැර වී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග සදහා එළැඹෙන බවත් හෙද සංගම් නියෝජිතයෝ වයඹ ටුඬේ වෙබ් අඩවියට වැඩිදුරටත් පැවසූහ.

වයඹ පළාත් සභාවෙන් පාලනය කෙරෙන විශාලතම රෝහල කුලියාපිටිය මූලික රෝහල තුළ සේවයේ නියුතු 120 දෙනෙකුට අධික හෙද හෙදියන් පිරිසක් මෙම වැඩවර්ජනයට එක් වී සිටීම නිසා එහි වාට්ටු ප‍්‍රතිකාර, සායන ඇතුලූ දෛනික රෝහල් කටයුතු ගණනාවක් අඩපණ වී තිබේ. අත්‍යාවශ්‍ය ප‍්‍රතිකාර ඒකකවල සේවයේ නියුතු හෙදියන් පමණක් සාමාන්‍ය ඇදුමින් සැරසී සේවයේ යෙදී සිටින ආකාරය දැක ගත හැකි විය.

අප කළ විමසුමකදී කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී රෙශාන් අමරසිංහ මහතා පැවසුවේ ශිෂ්‍යත්ව විභාගය, උසස්පෙළ විභාගය සහ මහ මැතිවරණය ආදී හේතූන් මත තාවකාලිකව අත්හිටුවා තිබූ මෙම ස්ථානමාරුවීම් යළි ක‍්‍රියාත්මක කරවීමට වයඹ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කටයුතු කර ඇති බවය. රෝහලේ දෛනික කටයුතුවලට යම් බාධාවක් සිදු වී ඇති නමුත් රෝහල් ක‍්‍රියාවලිය පවත්වාගෙන යාමට හෙද වෘත්තීය සංගම් විසින් සහය ලබාදී ඇති බවත්, සූතිකාගාරය, දැඩි සත්කාර එකකය ඇතුලූ අත්‍යාවශය සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

හෙද නිලධාරීන් වෙනුවට ආරක්ෂක නිලධාරිනියන් විසින් කුලියාපිටිය මූලික රෝහලේ සායනවලට පැමිණි රෝගීන් හැසිර වූ අයුරු

nursestrike1
අපහසුතාවයට පත් වී සිටින රෝගීන්

SAMSUNG CAMERA PICTURES

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article