Monday, November 18, 2024

හිටපු ඇමැති සාලින්ද අද FCID යට.

Must read

ප‍්‍රකාශයක් සටහන් කරගැනීම සදහා අද (10 දා ) පෙරවරු 10 ට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි හිටපු අමාත්‍ය සහ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායක මහතා වෙත එම කොට්ඨාශය විසින් දැනුම් දී තිබේ.

මේ පිළිබදව සාලින්ද දිසානායක මහතාගෙන් කළ විමසීමකදී තමන්ට එවැනි කැදවීමක් ලැබී ඇති බව තහවුරු කළ අතර තමන්ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි නියම කර ඇත්තේ කුමන කාරණාවක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමටදැයි නොදන්නා බවද පැවසීය. කෙසේ වෙතත් රටේ පවතින නීතියට ගරු කරමින් අද පෙරවරු 10 ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින බවත්, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමටත් බලාපොරොත්තු වන බවද දිසානායක මහතා වැඩිදුරටත් කීය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article