(8.49am)වාරියපොල – පාදෙනිය ප්‍රදේශයේදී සිදුවී ඇති රිය අනතුරකින් හිටපු රාජ්‍ය ඇමතිවරයෙකු වන අශෝක වඩිගමංගාව(අවු:68) මහතා මිය ගොස් ඇත.ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සමගි බලවේගය පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තරග කරන ඒ මහතා 1980 වර්ෂයේ ආණමඩුව අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පිවිසි අයෙකි. පාර්ලිමේන්තුවේ ඉඩම් රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා 1996 වර්ෂයේ පැවති වයඹ පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වී ජයග්‍රහනය කරන්නේය.එම පළාත් සභාවේ විපක්ෂ නායක ධූරය හොඹවන ඒ මහතා පසුව වයඹ පළාත් සභාවේ සෞඛ්‍ය ඇමති ධූරයද හෙඹවා ඇත.
දේහය මේ වන විට වාරියපොල රෝහලේ තැම්පත් කර ඇත.