ඉතාලිය ඇතුළු වෙනත් රටවල් වලින් මෙරටට පැමිණි සිටි 101 දෙනෙකු ස්වයං නීරෝධායනය කිරීමෙන් අනතුරුව සමාජ ගත කිරීම මේ වන විට සිදු කර ඇතැයි හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කරන ලද සොයා බැලීමකදී මෑතකදී විදෙස් රටවල් වල සිට පැමිණි පුද්ගලයින් 178 දෙනෙකු හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සිටින බවට තොරතුරු හෙලිවී ඇත.ඒ අනුව ඔවුන්ව තමන්ගේ නිවෙස් වලදීම නීරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.දින 14 ක කාලයක් සිදු කරන ලද එම ස්වයං නීරෝධායනයෙන් අනතුරුව සමාජ ගත කිරීම සිදු කරන ලදි.
ඉදිරි දින වලදී සෙසු පිරිස ක්‍රමයෙන් සමාජ ගත කිරීම සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි.
ස්වයං නීරෝධායනයට ලක්වූවත් නැවත ඔවුන්ට කොවිඩ් 19 වෛසරය ආසාධානය වීමට ඉඩ ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ආරක්ෂාකාරීව මෙන්ම අවදානයෙන් සිටින ලෙසටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබා දී ඇත.
ජූඩ් සමන්ත