( 11.00 am ) හුදකලා කර ඇති හලාවත – වැල්ල ප්‍රදේශයේ දින 05 ක් වැනි කෙටි කාලයක් තුළ දෙවැනි කොවිඩ් මරණයද පසුගිය 02 වැනිදා වාර්තා විය.
මිය ගොස් ඇත්තේ හලාවත – වැල්ල,මැද පාඩුව පදිංචිව සිටි වර්ණකුලසූරිය තෙරේසා ප්‍රනාන්දු (අවු:80) නම්වූ කාන්තාවකි.අය පසුගිය 30 වැනිදා තම නිවසේදී මිය ගොස් ඇත.පසුව සිරුර හලාවත මහා රෝහලට ගෙනවිත් පී.සී.ආර්.පරීක්ෂණයකට යොමු කර ඇත.එහිදී අනාවරණය වී ඇත්තේ ඇය කොවිඩ් වෛරසය ආසාධිත තැනැත්තියක් බවය.ඒ අනුව මිය ගොස් ඇති අයගේ අවසන් කටයුතු පසුගිය 02 වැනිදා හලාවත ආදාහනාගාරයේදී සිදු කරන ලදි.
පසුගිය දින කීපය තුළ හලාවත – වැල්ල ප්‍රදේශය තුළ සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලට අනුව කොවිඩ් ආසාධිතයින් 40 දෙනෙකු හදුනා ගෙන ඇත.
ජුඩ් සමන්ත.