Saturday, January 18, 2025

හලාවත පොලීසියේ සැරයන්වරයෙකු වැඩ තහනමට

Must read

chilaw police

  හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා හා සැරයන්වරයෙකු අතර ඊයේ ( 25 දා ) රාත්‍රියේ ඇති වු බහින්බස්වීමකින් පසු සැරයන්වරයා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු වැඩ තහනමකට ලක් කර ඇති බව පොලිසිය කියයි. මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සෙනරත් එදිරිසිංහ මහතා විසින් රාජකාරියක් පැවරීමේ දි අධික වැඩ කොටසක් පවරමින් තමන් පීඩනයට පත් කිරිම අසාධාරණයක් බව කියමින් සැයන් වරයා විශාල හඩක් නගා ඇති බවත් මෙහිදි දෙදෙනා අතර තදින් වචන හුවමාරුවක් වු බවත් කියන අතර පසුව සැරයන්වරයා අත් අඩංගුවට ගෙන කුඩුවට දමා ඇති බවත් පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙම සැරවන්වරයා තව වසර කිහිපයකින් විශ්‍රාම යායුතු වන අතර මේ වන විට සාමාන්‍ය රාජකාරි වල නිරතව සිටි අයෙකු වේ. මේ පිලිබදව අදහස් දැක්වු පොලිස් පොඩ්ඩන් කිහිප දෙනෙකුම පෙන්වා දුන්නේ හලාවත පොලිසියේ සේවය කරණ පොඩ්ඩන් යුද සමයේ උතුරේ පොලිසිවල සේවය කළ නිලධාරින් රාජකාරි කිරිමේදි ලක්වු පීඩනයට සමාන පීඩනයකට ලක්වන බවත් නිවාඩුවත් පවා ලබා ගැනීම අසීරු බවත් බොහෝ අවස්ථාවල දි සිය වැදු මව සිහි ගන්වන පරුෂ වචනයන්ට සවන් දීමට සිදු වන බවත් පෙන්වා දුන්හ. මේ වන විට හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවත් අනාවරණය විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි පිලිතුරු දෙමින් හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතා මෙසේ කීය. මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක හා සැරයන් අතර රාජකාරියක් සම්බන්ධයෙන් වචන හුවමාරුවක් සිදුව ඇති බවට ලද පැමිණිල්ලක් අනුව පරික්ෂණයක් කරණ බවත් කීය.

 ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article