හලාවත – තොඩුවාව මුහුදු තීරයේ මුහුදු ඛාදනය සීඝ්‍රව සිදුවෙමින් බවතී. පසුගිය කාලය පුරාවටම මෙම මුහුදු තීරය දැඩි ලෙස ඛාදනයට ලක් විය. මේ වන විට මීටර් 200 ක පමණ ප්‍රමාණයක් වෙරළ තීරය දැඩි ලෙස ඛාදනය වීමට පටන් ගෙන ඇති අතර,ඉදිරියේදී එම තත්ත්වය තවත් වැඩිවිය හැකි බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.මෙම තත්ත්වය පාලනය කිරීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල් වැටි 15 ක් යෙදීමට කටයුතු කර ඇත. ඒ අතරින් මේ වන විට ගල් වැටි 09 ක් යොදා අවසන් කර ඇත.ඉදිරි ගල් වැටි දැමීම සදහා අවශ්‍ය කරන විශාල ප්‍රමාණයේ ගල් සපයා ගැනීමට නොහැකි වී ඇති බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඡායා – ජූඩ් සමන්ත