හලාවත – වැල්ල සහ මහවැව – මට්ටකොටුව යන ප්‍රදේශ වලින් කොරෝනා අසාධිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
හලාවත – වැල්ල ප්‍රදේශයෙන් හදුනා ගෙන ඇති ආසාධිත තරුණිය කටුනායක ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශලාවක සේවය කරන අයෙකි.ඇය දිනපතා හලාවත සිට බස් රථයකින් සේවයට ගොස් ඇති බවත්,එම බස් රථය ඇය සේවය කරන අයතයෙන් සපයා ඇති එකක් බවත් සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇත.
මහවැව – මට්ටකොටුව ප්‍රදේශයෙන් හදුනා ගෙන ඇති ආසාධිතයා මුතුරාජවෙල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරන අයෙකි.එම අය මෑතකදී තමන් පදිංචි ප්‍රදේශයට පැමිණ නොමැති බවද සෞඛ්‍ය අංශ සදහන් කරයි.
ජුඩ් සමන්ත.