Saturday, November 23, 2024

හලාවතින් රෝහලට යැවූ කතට කොරෝනා වැළදී නැහැ

Must read

 

 

c&w

(10.28 am)  වෛරසය ආසාධනය වූ බවට සැකකරමින් හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ අයි.ඩී.එච්.රෝහලට මාරු කරන ලද කාන්තාවට එම වෛරසය ආසදනය වී නොමැති බවට තහවුරු වී ඇත.ඒ අනුව එම කාන්තාව 13 වැනිදා දහවල් අයි.ඩී.එච්.රෝහලෙන් මුදා හැර ඇත.

ආණමඩුව – සේරුකැලේ පදිංචි 55 හැවිරිදි සෝමලතා මල්ලිකා නම් වූ මෙම කාන්තාව ඉතාලියේ සිට මෑතකදී මෙරටට පැමිණ සිටියේය.

ඇයට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 11 වැනිදා ඇය හලාවත මහා රෝහලට ඇතුළත් වී ඇත. පසුව ඇයව අයි.ඩී.එච්.රෝහලට මාරු කර යැවීමට හලාවත මහා රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කරන ලදි.

මේ අතර 13 වැනිදා දිනය තුළ කොරෝනා වෛරසය වැළදුණු බව කියන තිදෙනෙකු හලාවත මහා රෝහලට ඇතුළත් වී ඇත.එම රෝගීන්ව විමර්ශණ කටයුතු සදහා ගම්පහ මූලික රෝහලට පිටත් කර යැවූ බව හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂක කපිල මල්ලවාරච්චි මහතා පැවසීය. ඉන් එක් අයෙකු මුන්දලම  – අගුණවිල පදිංචිකරුවෙක්.ඔහු මෑතකදී ඉතාලියේ සිට පැමිණි අයෙකු බව අනාවරණය වී ඇත.අනෙක් දෙදෙනා හලාවත දකුණු මහගම පදිංචිකරුවන්.මවක සහ පුතෙකු වන ඔවුන් පිළිවෙලින් වයස අවුරුදු 34 සහ 13 වියේ පසුවේ.රෝහල් ගත කර ඇති දරුවාගේ පියා සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කරන අයෙකු බවට හදුනා ගෙන ඇත.

කොරෝනා වෛරසය ආසාධනය වූ බවට සැක මත 12 වැනිදා රාත්‍රීයේ මාරවිල මූලික රෝහලට ඇතුළත් කරන ලද තිදෙනෙකුව වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා කොළඹ අයි.ඩී.එච්.රෝහලට මාරු කර යවා ඇත.මාරවිල – මූදුකටුව ප්‍රදේශයේ පදිංචි ඔවුන් එකම පවුලේ අයවළුන් බවට හදුනා ගෙන ඇත.


 

ජුඩ් සමන්ත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article