(11.35am) අභිරහස් ලෙස ඝාතනය කරන ලද කාන්තාවක්ගේ මරණය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි. ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත – කුමාරකට්ටුව,අක්කර 08 පදිංචිව සිටි මාරසිංහ ආරච්චිලාගේ සෝමාවතී (අවු:63) නම් අයෙකි. ඝාතනයට ලක්ව ඇති අය තම නිවසේ තනිවම වාසය කර ඇත.ඇයගේ දියණියක් ඊශ්රායලයේ සේවය කරන බවත්,පුතෙකු විවාහ වී වෙනම පදිංචිවී සිටින බවත් විමර්ශණ වලදී හෙලිවී ඇත.
තම මව සම්බන්ධයෙන් තොරතුරක් නොමැති නිසා 01 වැනිදා රාත්රීයේ පුතා පැමිණ ඒ සම්බන්ධයෙන් සොයා බලා ඇත.මිය ගිය කාන්තාව පදිංචිව සිටින නිවසේ වහලයෙන් බැස බැළු විට ඔහු දැක ඇත්තේ නිවසේ කාමරයක තම මව ඝාතනය කර ඇති ආකාරයයි.මවගේ හිසේ තුවාලයක් දක්නට තිබූ බවද ඔහු හලාවත පොලීසියට පැමිණිළි කරමින් සදහන් කර ඇත.
මහේස්ත්රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත. හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත