හලාවත,ආරච්චිකට්ටුව සහ කල්පිටිය ප්‍රදේශ වලින් කොරෝනා ආසාධිතයින් 09 දෙනෙකු වාර්තා වී ඇත. සෞඛ්‍ය අංශ සදහන් කරන පරදි ඉකුත් 23 වැනිදා දවස තුළ හලාවත ප්‍රදේශයෙන් කොරෙනා ආසාධිතයින් 06 දෙනෙකු හදුනා ගෙන ඇති අතර හලාවත මහා රෝහලට ප්‍රතිකාර සදහා පැමිණ නේවාසික වී ඇති කරවිටාගාරය පදිංචි අයෙකු කොරෝනා ආසාධිතයෙකු බවට හදුනා ගෙන ඇත.
මේ අතර හලාවත – වැල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයින් 05 දෙනෙකු 23 වැනිදා දවස තුළ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.එම ආසාධිතයින් හදුනා ගෙන ඇත්තේ සෞඛ්‍ය අංශ විසින් සිදු කරන ලද අහඹු පී.සී.ආර්.පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙසනි.ඒ අනුව ගෙවී ගිය දින කීපයට හලාවත – වැල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයින් 09 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
හලාවත – වැල්ල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් අහඹු පී.සී.ආර්.පරීක්ෂණ පසුගිය දින කීපය තුළදීම සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණි.
ආරච්චිකට්ටුව – කෝට්ටපිටිය සහ සින්නකරුකුපනේ ප්‍රදේශ වලින්ද කොරෝනා ආසාධිතයින් 02 කු හමුවී ඇත.එක් අයෙකු ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත්ව සිට ඇත.එම අවස්ථාවේ සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇය කෙවිඩ් ආසාධිතයෙකු බවට හදුනා ගෙන ඇත.
මේ අතර,කල්පිටිය – පල්ලිවාසල්තුරේ පදිංචි 51 හැවිරිදි අයෙකුද කොරෝනා ආසාධිතයෙකු බවට හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.පසුගිය 21 වැනිදා කැස්ස රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සදහා කල්පිටිය දිසා රෝහලට එම අය පැමිණ ඇත.එම අවස්ථාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණයකට අනුව ඔහු කොරෝනා ආසාධිතයෙකු බවට හදුනා ගෙන ඇත.
ජුඩ් සමන්ත.