Sunday, January 19, 2025

හයර් දුවන ත‍්‍රිවිලර්වලටත් මගී ප‍්‍රවාහන බලපත‍්‍රයක් එයි.

Must read

threewheeler_permitමගීන් ප‍්‍රවාහනය කිරීමට යොදාගන්නා ත‍්‍රීරෝද රථ සදහා මගී ප‍්‍රවාහන බලපත‍්‍රයක් නිකුත්කිරීමේ ක‍්‍රමවේදයක් ලබන වසර මුලදී ආරම්භ කරන බව ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති ලක්ෂ 63 ක් පමණ වන සමස්ත වාහන ප‍්‍රමාණයෙන් දස ලක්ෂ පනස් දහසකට ආසන්න ප‍්‍රමාණයක් ත‍්‍රිරෝද රථ වන බවත්, එක් දිනකදී මෙරට මහා මාර්ගවල ධාවනය වන වාහන අතරින් සියයට හැටපහක්ම ත‍්‍රිරෝද රථ සහ යතුරුපැදි වන බවත් ඇමැතිවරයා පැවසීය. මෙම නිසා ත‍්‍රිරෝද රථ නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට මෝටර්රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කර ඇතැයිද හෙතෙම පැවසීය.

එම වැඩපිලිවෙල යටතේ ත‍්‍රිරෝද රථ සදහා මගී ප‍්‍රවාහන බලපත‍්‍ර නිකුත්කිරීමේදී ඒවා පදවන ත‍්‍රිරෝද රථ රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබාදීමටද මෙම වැඩපිළිවෙල යටතේ යෝජනා වී ඇති බවත්, මෙම පුහුණුවට හික්මීම, මාර්ග විනය, ප‍්‍රථමාධාර වැනි කරුණු ගණනාවක් ඇතුලත් කිරීමට නියමිත බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය. එමෙන්ම බලපත‍්‍රලාභී මගී ප‍්‍රවාහන ත‍්‍රිරෝද රථ මහජනතාවට පහසුවෙන් හදුනාගත හැකි පරිදි යම් සලකුණක් හෝ අක්ෂරයක් එම ත‍්‍රිරෝද රථවල ප‍්‍රදර්ශනය කිරීමට යෝජනා වී ඇති බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීය. ත‍්‍රිරෝද රථවලින් ගමන් පහසුව සලසා ගන්නා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම වෘත්තිය මට්ටමේ ත‍්‍රිරෝද රථ රියදුරෙක් නිර්මාණය කිරීමටද මෙම වැඩසටහන හරහා රජය අපේක්ෂා කරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මගී ප‍්‍රවාහන කාර්යයන් නියාමනය කිරීම පිළිබදව නෛතික බලය පවතින්නේ පළාත් සභාවලට වන බැවින් අදාළ වැඩපිළිවෙල පිලිබදව පළාත් ප‍්‍රවාහන අමාත්‍යවරුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව ලබන වසරේ ජනවාරි මාසයේදී පමණ ත‍්‍රීරෝද රථ මගී ප‍්‍රවාහන බලපත‍්‍ර නිකුත්කිරීමේ වැඩසටහන ආරම්භ කළ හැකි වනු ඇතැයිද ඇමැතිවරයා මෙහිදී පැවසීය.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් threewheeler_permit_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article