Saturday, January 18, 2025

හමුදාවට වැලි දෙනවට හලාවත ධීවරයින්ගේ විරෝධය

Must read

10(2)

වසර කීපයක සිට හලාවත මෝය කටේ ගොඩගැසෙන වැලි වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුව විසින්  දැදුරු ඔය ආශ්‍රිතව ගොඩගැසීමේ ව්‍යාපෘතියක් පවත්වාගෙන යන ලදී. මේ වනවිට මෙම ව්‍යාපෘතිය නැවති තිබේ.  නමුත් එම ව්‍යාපෘතිය හරහා ගොඩගසා තිබූ වැලි කලින් කලට දේශපාලකයින් විසින් නීති විරෝධී ආකාරයට විකුණා අදායම්  උපයන ලදී. මේ වනවිට ඉවත් කර ගොඩ ගසා ඇති වැලි කියුබ් 500 ක් යුද හමුදාව විසින් රැගෙන යාමට දරන උත්සාහයක් සම්බන්ධයෙන් ධීවරයින්ගේ විරෝධය මතුව තිබේ.  එබැවින් එම ක්‍රියාව වහාම නවත්වා දෙන ලෙසට හලාවත ප්‍රදේශයේ ධීවර සංවිධාන 03 ක් විසින් හලාවත ප්‍රාදේශීය ලේකම්වරියට ලිපි බාර දෙමින් ඉල්ලීමක්  ඊයේ ( 01 වැනිදා )  සිදු කරන ලදි.

ඉහත  ව්‍යෘපෘතිය ධීවර සමිති සමග සාකච්ඡා කර ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියකි.  ධීවර සමිති පවසන්නේ  මෙම ව්‍යාපෘතිය අවසන් වුවත් මෝය කටේ වැලි ප්‍රශ්නය තවමත් අවසන් නොමැති බවයි. ඒ හේතුවෙන් ඔවුන්ට  වැලි ඉවත්කිරීම සිදුකරගැනීමට බැකෝ යන්ත්‍ර ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිති.  මෝය කටෙන් ඉවත්කර ඇති වැලි අළෙවි කර එම මුදලින් ධීවර සංවිධාන වලට බැකෝ යන්ත්‍ර ලබාදෙන ලෙස ධීවරයින් ඉල්ලා සිටිති. එවිට එම යන්ත්‍ර මගින් මෝය කටේ වැලි ඉවත්කර ගැනිමට ඔවුන්ට හැකි බව ඔවුන් පවසයි.


ඡායාරෑප – ජූඩ් සමන්ත

වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුව විසින් වසර කීපයකට පෙර ක්‍රියාත්මක කළ හලාවත මෝයේ වැලි ඉවත්කර දියකඩනය සෑදීමේ ව්‍යාපාතියේ ඡායාරූපviber image 2019-03-27 , 17.36.25 viber image 2019-03-27 , 17.41.24 viber image 2019-03-27 , 17.41.23

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article