Sunday, January 19, 2025

සෞඛ්‍ය ‘ලෙඩ‘වලට ‘බෙහෙත්‘ දෙන අමාත්‍යංශ ජංගම සේවය කුරුණෑගලින් ඇරඹෙයි.

Must read

විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද සහ අනෙකුත් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයන්හි සේවයේ නියුතු අයට සෞඛ්‍ය අමාත්‍යංශය හරහා විසදාගැනිමට ඇති ගැටලු පහසුවෙන් විසදාදීමේ අරමුණින් යුතුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දිවයින පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති ජංගම සේවා මාලාවක සමාරම්භක වැඩසටහන අද (03 දා ) කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පැවැත්විණි.

මෙම ජංගම සේවාව සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඔවුන්ට අදාල රාජකාරී ලිපිගොනු සහිතව සහභාගී වී සිටියහ.

මෙම ජංගම සේවාව පිළිබදව වයඹ ටුඩේ වෙබ් අඩවිය වෙත අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙසේ පැවසීය.

‘‘ රජයේ රෝහල්වල සේවයේ නියුතු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලවල සාමාජිකයින්ට තියෙන වැටුප් වර්ධක පිළිබද ප‍්‍රශ්න, උසස්වීම් පිළිබද ප‍්‍රශ්න, වැටුප් තලයේ පිහිටුවා නොතිබීම පිළිබද ප‍්‍රශ්න, ස්ථාන මාරු පිළිබද ප‍්‍රශ්න හෝ වෙනත් ඕනෑම ප‍්‍රශ්නයක් නිරවුල්කිරීම සදහා තමයි මේ අපි වැඩපිළිවෙල ආරම්භ කළේ. මේ වගේ ප‍්‍රශ්න තියෙන යම් සේවකයෙක් ඉන්නවා නම් ඔහු හෝ ඇය බදාදා දිනයකදී සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිය යුතුයි. එහිදී දුරබැහැර ගෙවාගෙන ඒ අය කොළඹට එන්න ඕනෑ. සමහරවිට ඒ ප‍්‍රශ්නය එක දවසින් නිරාකරණය වෙන්නෙත් නැහැ. මේ හේතුව නිසා අපි තීරණයක් ගත්තා එක් එක් රෝහල්වලට ගිහිල්ලා ඒ රෝහල තුළදීම ඒ අයගේ ප‍්‍රශ්න විසදලා දෙන්න. ඒ වගේම දිස්ත‍්‍රික් සහ පළාත් මට්ටම්වලට ගිහින් ඒ දිස්ත‍්‍රික්කය තුළ සහ පළාත තුළ අපිට විසදිය හැකි ප‍්‍රශ්න විසදලා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ලක්ෂ විසි එක්දහසක් පමණ ඉන්නවා. ඒ සියලූ දෙනාටම යම් සහයෝගයක්, සහනයක් ලබාදීම තමයි මෙවැනි ජංගම සේවාවක් සංවිධානය කිරීමේ අරමුණ වෙන්නේ. ඉතිහාසයේ පළමුවැනි වතාවට තමයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මේ වගේ වැඩසටහනක් ආරම්භ කරලා තියෙන්නේ. ඒ අනුව එහි පළමුවැනි වැඩසටහන ආරම්භකිරීම සදහා අපි කුරුණෑගල ශික්ෂණ රෝහල තෝරාගත්තා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තුළ යහපත් මානසිකත්වයක් ඇතිකරලා ඒ හරහා රෝගී සත්කාරක සේවාව වඩාත් සාර්ථකව කරගෙන යන්න මෙම වැඩසටහන තුළින් අපි අවසන් වශයෙන් බලාපොරොත්තු වෙනවා .’’යැයි පැවැසීය.

helth_ mobile_04 helth_ mobile_03 helth_ mobile_02 helth_ mobile_01

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article