Sunday, January 19, 2025

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යුක්තිය ඉල්ලා හලාවත ජනතාව විරෝධතාවක

Must read

phi3 phi

(4.37pm)මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මේ දිනවල ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයට වහාම මැදිහත්වි විසදුම් ලබා දී ඔවුන්ගේ  සේවය කොරෝනා මර්ධන කටයුතු සදහා යොදා ගන්නා ලෙසට රජයෙන්  ඉල්ලමින් හලාවත ප්‍රදේශවාසින් පිරිසක් විසින් හලාවත නගර මධ්‍යයේ දි අද ( 25 දා ) දහවල් නිහඩ විරෝධාවක නිරතවුහ.
වෙළද සැලක අපිරිසිදු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන විටත් ඩෙංගු මර්ධණ කටයුතු ක්‍රියාත්මක කිරිමේ දි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට සියළු බලතල ලබා දි නිතිය ක්‍රියාත්මක කිරිමට ඉඩකඩ සලසා ඇති ආණ්ඩුව මාරාන්තික කොරෝනා වයිරසය මර්ධණ කටයුතු කිරිමේ දි මේ වන විට ගැසට් කර ඇති නිවේදනය අනුව අවශ්‍යය බලතල ක්‍රියාත්මක කිරිමේ දි මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් ඉවත් කිරිම හෙළා දකින අතර මේ සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම ඉදිරිපත්වී පියවර ගෙන එම කටයුතු ක්‍රියාත්මකත කිරිමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත බලය පවරන ලෙසට මෙහිදි විරෝධතා කරුවෝ පුවරු අතින් ගෙන සිය විරෝධය පල කළහ.


ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article