Sunday, November 24, 2024

සුරාබදු දෙපාර්තමේන්තුව 2019 දී කළ වැටලීම් වලදී පුද්ගලයින් 43128ක් අත්අඩංගුවට අරන්

Must read

alchol

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2019 වර්ෂය තුළ වැටලීම් 47,415 ක් සිදු කර ඒ තුළින් දඩ වශයෙන් රජයට රුපියල් 180,400,966(මිලියන 180.400) ක මුදලක් අය කර දී ඇතැයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සදහන් කරයි.

මෙම වැටලීම් වලදී පුද්ගලයින් 43128 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් 4252 කු කාන්තාවන් වීමද විශේෂත්වයකි.

මෙහිදී නීති විරෝධී ලෙස කසිප්පු හෙවත් මත්පැන් නිෂ්පාදනය කරන ලද ස්ථාන 1400 ක්,කසිප්පු අලවි කළ ස්ථාන 744 ක්,කසිප්පු ළග තබා ගැනීමේ සහ ප්‍රවාහනය කිරීම් 18,396 ක්,මහා රා නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම්,අලවි කිරීම් සහ විකිණීම් 7,611 ක්,රජයේ අරක්කු සන්තකයේ තබා ගැනීම්,ප්‍රවාහනය සහ විකිණීම් 2,407 ක්,විදේශීය මත්පැන් සම්බන්ධයෙන් වූ වැටලීම් 3493 ක් සහ වෙනත් සුරා අපරාධ සම්බන්ධයෙන් වැටලීම් 35 ක් සිදු කර ඇත.

වස විෂ අබිං ආඥා පනතට අනුව වැටලීම් 8246 ක් 2019 වර්ෂය තුළ සුරාබදු නිලධාරීන් විසින් සිදු කර ඇත.ඒ අනුව හෙරෝයින් සම්බන්ධ වැටලීම් 3,102 ක්,කොකේන් සම්බන්ධ වැටලීම් 302 ක්,ගංජා ළග තබා ගැනීම,අලවි සහ ප්‍රවාහනය සම්බන්ධ වැටලීම් 4634 ක් ,ගංජා වගා කිරීම් 151 ක්,සහ වෙනත් මත් ද්‍රව්‍ය වැටලීම් 151 ක්ද සිදු කර ඇත.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article