(3.10am) කොබෙයිගනේ හෙන්ගමුව ප්‍රදේශයේ මහා පරිමාණ කුකුළු ගොවිපලක සිදුවූ සුනඛයෙකු ඝාතනය කරන ආකාරයේ වීඩියෝව සමාජ මාධ්‍ය හරහා පළවූ පසු එම අපරාධය කරන පුද්ගලයාව ජනවාරි 19 වනදා කොබෙයිගනේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනලදී. පෙරවාරි 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර සිටි මෙම පුද්ගලයා පසුගිය 03 වනදා අධිකරණය හමුවට ඉදිරපත්කර ඇත. එහිදී ඔහු සිදුකළ වැරැද්දට දඬුවම ලෙස රැ 100ක දඩයක් සහ ලිහිල් වැඩ සහිත මාස දෙකක සිර දඬුවමක් නිකවැරටිය මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය විසින් නියෝග කර තිබේ. මෙම සත්ව ගොවිපළේ සිදුවූ පළමු සුනඛ ඝාතනය මෙය නොවිය හැකි බවට සාක්ෂි ප්‍රෙද්ශවාසීන්ගේ තොරතුරු වලින් හෙළිවන අතර කාලයක් පුරා මෙම ස්ථානයේ නීති විරෝධී ලෙස සතුන් ඝාතනය කරන බවට ප්‍රෙද්ශවාසින් චෝදනා කරති. ඒ සම්බන්ධව මේ වනතෙක් පොලීසිය ක්‍රියාත්මක වි නොමැත.
සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හා පුද්ගලයන් විසින් පසුගියදා සත්ව හිංසාව සම්බන්ධව ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ පනවා ඇති පනත සංශෝධනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටින ලදී. ලංකාව තුළ සිදුවන සත්ව හිංසනය සම්බන්ධයෙන් පුද්ගලයන්ට දඩුවම් දිමේදී නීතියේ ලිහිල් ආකාරයක් තිබෙන අතර එයට හේතුව ඉතා පැරණි පනතක් මේ වනතුරු සංශෝධනය නොවී තිබිමත්ය. මිනිස් ඝාතනය මෙන්ම සත්ව ඝාතනය පිළිගත් ශිෂ්ට සම්පන්න ලෝකය විසින් දරුණු අපරාධයක් ලෙස සලකන අතර බොහෝ රටවල ඒම අපරාධ අඩු කිරීමට දැඩි නීති පනවා තිබේ. නමුත් ඉතාමත් කණගාටුදායක ලෙස බෞද්ධ ශීෂ්ටාචාරයක් තිබෙනවා යැයි කියන රටක සත්ව හිංසනය බහුලව සිදුවෙන අතර ඒ වෙනුවෙන් ඉදිරිපත්කර ඇති පනත දැනට වසර 5කටත් අධික කාලයක් පුරා පාර්ලිමේන්තුවේ සම්මත නොවී පවතී.
සබැදී ලිපි
1 සත්ව අයිතිවාසිකම් ආරක්ෂා කරන්නන්ගේ හඞට නව රජය ඇහුම්කන් දෙයිද ?
2 සුනඛ ඝාතකයා අත්අඩංගුවට ගොවිපළේ හිමිකරු නිදැල්ලේ ??