Monday, November 25, 2024

සැකකරුවෙකුට කොරෝනා අසාධිතවීම නිසා මුන්දලම පොලීසියත් නිරෝධනයට ලක්වෙයි

Must read

panic

(7.49pm) හදිසි අනතුරක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන මුන්දලම පොලීසිය තුළ රදවා සිටි සැකකරුවෙකුට කොවෝඩ් 19 වෛසරය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබේ. මෙම තත්ත්වය හෙළදරව් වීමත් සමග මුන්දලම පොලීසිය සහ එම ස්ථානයේ සේවය කරන නිලධාරීන්ව නිරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු ආරම්භ කර ඇති බව  වාර්තා  වේ. මෙම පුද්ගලයා පසුගිය 08 වැනිදා මදුරන්කුලිය ප්‍රදේශයේදී වෑන් රථයක පා පැදියක් ගැටීමෙන් අනතුරක් සිදුවී ඇත.එම අනතුර සම්බන්ධයෙන් ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුව මුන්දලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතාලියේ සිට මෑතකදී දිවයිනට පැමිණි බව කියන එම සැකකරු තලවිල දේවස්ථානය දක්වා ගමන් කරමින් සිට ඇත. පසුව සැකකරුව පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් අබ්දූල් කාදර් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙම පුද්ගලයාව බන්ධනාගාරයෙන් මුදා හැරීමෙන්  පසුව අසනීප තත්ත්වයක් පෙන්නුම් කර ඇත. මේ වනවිට ඔහුට කොවෝඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බවට සිදු කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article