කම්මල සා. ඔදලියා වෘත්තීය පුහුණු ආයතනයේ වඩු කාර්මිකල කේක්, පේස්ටි, මැහුම් සහ ගෙතුම් යන පාඨමාලාවන් සාර්ථකව නිම කළ සිසු සිසුවියන් සදහා සහතික පත්‍ර ප්‍රධානය කිරීම පසුගියදා සිදුවිය. මෙම පාඨමාලාව ස්විසර්ලන්තයේ ව්‍යාපාරික මාර්කස් සයිෆර්ලේ යුවළ සහ ව්‍යාපාරික කි්‍රස්ටි දබරේරා මහතාගේ මූල්‍ය පරිත්‍යාගයෙන් නොමිලේ පුහුණුව ලබා දීමට ආරම්භ කරන ලද පාඨමාලාවකි. මෙම අවස්ථාවට වෙන්නප්පුව ප්‍රාදේශී්‍ය සභාවේ සභාපති සුසන්ත පෙරේරා ඇතුළු අනුග්‍රාහක භවතුන් ද පාඨමාලාවේ ශීෂ්‍ය ශීෂ්‍යන්ද සහභාගී වූහ.
සා. ඔදලියා වෘත්තීය පුහුණු ආයතනයේ පාඨමාලාවන් සාර්ථකව නිමකරයි
