කුරුණෑගල දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී සාලින්ද දිසානායක මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්රාප්ත වු අතර ඔහුගේ අවසන් කටයුතු අගොස්තු 08 වෙනිදා සිදුකිරිමට නියමිතය.
ඒ අනුව 2015 මහමැතිවරණයේ කුරුණෑගල දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මනාප ලැයිස්තුවේ 10 වැනි ස්ථානය හිමි කර ගත් එච්.එම්.ඩී.බී. හේරත් (42,719) පාර්ලිමේන්තුවට තේරීපත්විමට නියමිතව තිබුණ.
.මනාප ලැයිස්තුවේ 9 වැනි ස්ථානය හිමිකර ගත්ශාන්ත බණ්ඩාර (42,889) මේ වන විට ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
කුරුණෑගල දිස්ත්රික්කය –
එක්සත් ජනතා නිදහස් සන්ධානය –
2015 මහ මැතිවරණ මනාප ප්රථිපල
1- මහින්ද රාජපක්ෂ 423,529
2- දයාසිරි ජයසේකර 133,832
3- ටී.බී. ඒකනායයක 82,789
4- අනුර ප්රියදර්ශන යාපා 77,057
5- ජොන්ස්ටන් ප්රනාන්දු 76,714
6- සාලින්ද දිසානායක 54,318
7- ඉන්දික බණ්ඩාරනායක 46,356
8- තාරානාත් බස්නායක 43,020
9- ශාන්ත බණ්ඩාර 42,889
—————————— —————————— —————–
එච්.එම්.ඩී.බී. හේරත් 42,719
—————————— —————————— —————–
11- ජයරත්න හේරත් 34,035
12- නිමල් විජේසිංහ 33,576
13- දර්ශනී වික්රමසිංහ 32,725
14- ආර්.ඩී.විමලදාස 31,877
15- අතුල විජේසිංහ 28,524
16- සුජානි මහේෂිකා 26,818
17-අසංක නවරත්න 21,395
18- ඒ.එම්. පද්මසිරි 6,590
ශාන්ත බණ්ඩාර ඉල්ලා අස්වෙයි !
කෙසේ වෙතත් සිදුව ඇති මේ අර්බුදය ගැන දේශපාලන විචාරයකයන් පවසා සිටින්නේ හේරත් මහතා මහින්ද රාජපක්ෂ පිළේ අයෙකු බැවින් ඔහුට පාර්ලිමේන්තු අසනු ලබාදිමට ඉඩනොදිම සදහා ශාන්ත බණ්ඩාර මෙසේ ඉල්ලා අස්වි ඇති බවය.
ඒ අනුව හිස්වන ශ්රිලනිප ජාතික ලයිස්තු මන්ත්රිධුරය සදහාද මෛත්රි පිළේ අයෙකු පත්කරගැනිමට නියමිත බවද සැලය
ඡායා- www.slstory.com