Sunday, January 19, 2025

සාරගම විදුහල්පතිනිය ගැන ඇමැති අණින් පරීක්ෂණයක් !

Must read

sandhya rajapakshe2016 වසර සදහා දරුවන් පාසලට ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයකදී කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් එක් දැරියකගේ පියෙකුට අමානුෂිකව බැණවැදීමේ සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අධ්‍යාපන බලධාරීන්ට නියෝග කළ බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

” මෙම ප්‍රවෘත්තිය දැක්කට පස්සේ ඇත්ත වශයෙන්ම මම දැඩි ලෙස කම්පාවට පත් වුණා. මෙම චෝදනාව එල්ල වන විදුහල්පතිනියද කාන්තාවක්වීමත් එක් අතකින් කණගාටුදායක තත්වයක්. කාන්තාවක් සැමවිටම මවක් විදිහට ක‍්‍රියාකළ යුතුයි කියලයි අපි කියන්නේ. එහෙම තිබියදීත් ප‍්‍රසිද්ධ කාන්තා විදුහලක විදුල්පතිනියක් වශයෙන් ඇය එවන් පහත් තත්ත්වයකට වැටී ක‍්‍රියා කර ඇත්නම් නම් මම එය තරයේ හෙළා දකිනවා. ”

” මේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකරලා සම්පූර්ණ වාර්තාවක් මා වෙත ලබාදෙන්න කියලා මෙම ප‍්‍රවෘත්තිය දුටු වහාම මම මගේ නිලධාරීන්ට නියෝග කළා .”

” පාසලකට එන දරුවෙකුගේ දෙමාපියන්ගේ වෘත්තිය තත්ත්වය ගැන සලකා බලා ඒ අනුව කටයුතු කර තියෙනවා නම් විදුහල්පතිනිය විසින් කර ඇත්තේ බරපතල වරදක්. අපි දැනට එම වාර්තාව ලැබෙන තෙක් බලා ඉදිමු. එවැනි අමානුෂික වරදක් විදුහල්පතිනිය අතින් සිදු වී ඇත්නම් ඒ පිළිබදව දැඩි තීරණයක් ගැනීමට මා පසුබට වෙන්නේ නැහැ.ඒ වගේම එහෙම අකටයුත්තක් වෙලා තියෙනවා නම් එම පියාට සහ දියණියට පළාතේ අධ්‍යාපන ඇමැතිවරයා විදිහට මගේ කණගාටුව පළකරන්නත් මම පසුබට වෙන්නේ නැහැ. ”

හලාවත ඔගස්ටින් ප‍්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article