Sunday, January 19, 2025

සභාපති තෝරන ඡන්දයේදී ‘ගේම්’ නොගහන බවට වයඹ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු එකගතාවයක !

Must read

hjlදැනට පුරප්පාඩු වී ඇති වයඹ පළාත් සභාවේ තනතුරු සදහා මන්ත‍්‍රීවරුන් තෝරාගැනීමේදී අදාළ තනතුරු වෙනුවෙන් මන්ත‍්‍රීවරුන් තිදෙනෙකුගේ නම් පමණක් යෝජනා කිරීමටත්, සෙසු මන්ත‍්‍රීවරුන් එම තනතුරුවලට තරගකිරීමෙන් වැළැකී සිටීමටත් වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් ඒකමතිකව තීන්දු කර තිබේ.

ඒ අනුව සභාපති තනතුර සදහා ටිකිරි අධිකාරී මහතාත්, නියෝජ්‍ය සභාපති තනතුර සදහා සෝමසිරි ගුණතිලක මහතාත්, සභානායක තනතුර වෙනුවෙන් චින්තක අමල් මායාදුන්න මහතාත් යෝජනා කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් එකගත්වය පළ කර තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් මේ තීන්දුවට එළැඹ ඇත්තේ පසුගිය 01 වැනිදා පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදීය. එහිදී ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් අතර පැවැති රහස් ඡන්දයක් මගින් ඉහත මන්ත‍්‍රීවරුන් තිදෙනා අදාළ තනතුරුවලට තරගවැදීම සදහා තෝරාපත්කරගෙන ඇති අතර, ඒ තිදෙනා හැර සෙසු මන්ත‍්‍රීවරුන් කිසිදු හේතුවක් මත අදාළ තනතුරුවලට තරගනොකරන බවට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් සියඵ දෙනා විසින් එහිදී එකග වී තිබේ.

අද (06 දා ) පැවැත්වෙන වයඹ පළාත් සභා රැස්වීමේදී පුරප්පාඩු වී පවතින තනතුරු සදහා මන්ත‍්‍රීවරුන් තෝරාපත්කරගැනීමට නියමිත අතර ඒ සදහා අදාළ මන්ත‍්‍රීවරුන් තිදෙනාගේ නම් ආණ්ඩු පක්ෂය විසින් යෝජනා කිරීමට නියමිතය.

පුරප්පාඩු වී පවතින තනතුරුවලට තරගවැදීම සදහා විපක්ෂයෙන් මන්ත‍්‍රීවරුන් යෝජනා කරන්නේදැයි මව්බිම කළ විමසීමකට පිළිතුරු දුන් වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ශමල් ප‍්‍රසන්න සෙනරත් මහතා පැවසුවේ මේ දක්වා විපක්ෂ මන්ත‍්‍රීවරුන් අතර එවැනි එකගත්වයක් නොමැති බවත්, පළාත් සභා රැස්වීම පැවැත්වෙන අද දින උදෑසන මන්ත‍්‍රීවරුන් සමග සාකච්ඡා කර එම තනතුරුවලට තරගකිරීම හෝ නොකිරීම පිළිබදව අවසන් තීන්දුවකට එළැඹෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article