Sunday, January 19, 2025

සභාපති ටිකිරි බණ්ඩා වයඹ පළාත් සභා ඉතිහාසය කෙලෙසයි !

Must read

මෙරට පළාත් සභා ඉතිහාසයට කිසිදාක මකා දැමිය නොහැකි කඵ පැල්ලමක් එක් කරමින්, මාධ්‍යවේදීන් යනු බත් පැකට් එකට සහ අරක්කු වීදුරුවකට ප‍්‍රවෘත්ති ලියන කාලකන්නි පිරිසක් ලෙස හදුන්වා දුන් වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරි ඒ අවස්ථාවේ සභා රැස්වීම ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට වහාම දොට්ට බසින ලෙසට අද (16 දා) නියෝග කළේය.

සභාපති ටිකිරි බණ්ඩා අධිකාරීගේ නියෝගයෙන් මෙලෙස දොට්ට දැමුණේ වයඹ පළාත් සභා සංකීර්ණයෙහි පිහිටි ‘සශ‍්‍රී’ශාලාවේදී අද පැවැති වයඹ පළාත් සභා රැස්වීම ආවරණය කිරීම සදහා පළාත් සභාවේ ආරාධනය මත එහි පැමිණ සිටි විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන් පිරිසකි.

අද පැවැති සභා රැස්වීමේ අමාත්‍යවරුන්ගේ ප‍්‍රකාශ සහ මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික ප‍්‍රකාශ යටතේ අදහස් දැක් වූ වයඹ සමූපකාර අමාත්‍ය ගුණදාස දෙහිගම, වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක , විපක්ෂ නායක ශමල් සෙනරත් සහ වයඹ පළාත් සභා මන්ත‍්‍රී රංජිත් ගුණසේකර වයඹ පළාත් සභාව සම්බන්ධයෙන් එක්තරා ඉරිදා පුවත්පතක පළ වී තිබූ මාධ්‍ය වාර්තා කිහිපයක් සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය කරමින් අදහස් දැක්වූහ.

එම අදහස් දැක්වීම් වලින් අනතුරුව සභාව ඇමැතූ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරී මෙසේ පැවැසීය.

‘‘ අපි පුවත්පත් නියෝජිතයින්ට මෙම සභාවට ආරාධනා කරලා, වායු සමනය කරන ලද ශාලාවක, හොද පුටුවක වාඩිකරවලා, කන්න බොන්නත් දීලා අපිටම කෙළවගන්න වැඩක් තමයි අපි මේ කරන්නේ. ඒ නිසා මේ මාධ්‍යවේදීන්ට තවදුරටත් ඉඩදෙනවාද නැද්ද කියලා මේ සභාව තීරණය කරන්න ඕනෑ. වයඹ පළාත් සභාව ගැන ප‍්‍රවෘත්තියක් පළවුනා නම් ඒ කිසිම එකක මම නම් දැකලා නෑ පළාත් සභාව ගැන හොද ප‍්‍රවෘත්තියක් ලියැවිලා තියෙනවා. ඒ නිසා පුවත්වල ප‍්‍රචාරය මින් මතුවට අපිට අවශ්‍ය නැහැ. මඩ ගහන්න බොරු ලියන තත්වෙකට තමයි අද මේ පුවත්පත් වාර්තාකාරයෝ පත්වෙලා තියෙන්නේ. මේ සමහර අය බත් පැකට් එකක් දීලා, අරක්කු වීදුරුවක් දීලා තමන් ගැන හොද ප‍්‍රවෘත්ති ලියාගන්නවා. එවැනි තත්වයකට පත්වෙන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. පුවත්පත් කලාව කියන්නේ වැදගත් රාජකාරියක්. නමුත් අපි කණගාටු වෙනවා මේ වගේ ප‍්‍රධාන පෙළේ ජාතික පුවත්පත්වලට කාලකන්නි පුවත්පත් වාර්තාකරුවන් ප‍්‍රාදේශීය මට්ටමින් පත්කරලා මේ වගේ කුණුහරුප ලියන්න අවස්ථාව ලබාදීලා තිබීම ගැන. අපේ ප‍්‍රධාන අමාත්‍යතුමා, ඇමැතිවරුන්, විපක්ෂනායකතුමා ඇතුඵ පක්ෂ නායකයින් එක්ක මේ ගැන සාකච්ඡා කරලා ඉදිරියේදී තීරණයක් ගන්නවා. ඒ නිසා මේ මොහොතේ සිට අපේ පළාත් සභාව යටතේ ඇති අමාත්‍යංශවල කැමරාකරුවන් හැර අනිත් සියලූම වාර්තාකරුවන්ට මේ මොහොතේ සිට පළාත් සභා ගර්භයට ඇතුලුවීම තහනම් කරනවා. ඔබට පළාත් සභාවෙන් ලබා දී ඇති හැදුනුම්පත සභා කටයුතු කාර්යාලයට ලබාදීලා වහාම මෙතැනින් පිට වී යන්න කියලා මම නියෝග කරනවා. ’’

ඒ අවස්ථාවේදී සභාපතිවරයාගේ තීරණයට විරෝධය පළකරමින් නැගී සිටි වයඹ පළාත් සභා මන්ත‍්‍රී පියුමාල් හේරත් මහතා මෙසේ පැවැසීය.

‘‘ගරු සභාපතිතුමනි, මම ඉල්ලා සිටින්නේ මේ නියෝගය යළි සලකා බලන්න කියලා. මොකද මේකෙන් වැරදි පණිවිඩයක් රටට යන්න පුලූවන්. විශේෂයෙන් එක මකුණයි ළමයෝ කන්නේ. ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ කියලා මිනිස්සු අහන්න පුලූවන්. ඒ නිසා එක මාධ්‍යවේදියෙක් අතින් සිදුවෙච්ච වරදකට සියලූ මාධ්‍යවේදීන් පිළිබදව මෙවැනි පොදු තීරණයක් මේ මොහොතේ ගන්න එපා. යම් කිසි සාකච්ඡාවකින් පසුව මෙවැනි තීරණයක් ගන්න කියලා මම ඉල්ලා සිටිනවා.’’

එහිදී ඊට ප‍්‍රතිචාර දැක් වූ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරී විසින් ‘‘මේ ඔක්කොම මකුණෝ අපේ කාලා තියෙනවා. ඒ නිසා මගේ තීරණයේ කිසිම වෙනසක් නෑ.’’යැයි පැවැසීය.
මෙහිදී අදහස් දැක් වූ වයඹ පළාත් සභා මන්ත‍්‍රී රංජිත් ගුණසේකර මහතා සභාපතිවරයාගේ ක‍්‍රියාව අගය කරමින් අදහස් දැක් වූ අතර පෙරට තැබූ පය ආපස්සට නොගන්නා ලෙස කියමින් සභාපතිවරයා දිරිමත් කළේය. මේ අවස්ථාවේදී පළාත් සභාවේ මාධ්‍ය කුටියේ සිට සභා රැස්වීම ආවරණය කරමින් සිටි සියලූ මාධ්‍යවේදීන් සිය අසුන්වලින් නැගී සිට පළාත් සභා රැස්වීමෙන් ඉවත්වී ගියහ.

දැනට වසර විසි අටකට වැඩි කාලයක් පුරාවට ක‍්‍රියාත්මක වෙමින් පවතින මෙරට පළාත් සභා ඉතිහාසය තුළ සභාපතිවරයෙකුගේ නියෝගයකින් මාධ්‍යවේදීන් දොට්ට දැමුණු පළමු අවස්ථාව මෙය වෙයි. එම නියෝගය ලබාදුන්නේද වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙකු යැයි කියාගන්නා, එමෙන්ම මීට මාස කිහිපයකට පෙරදී ඇති වූ අහඹු පුරප්පාඩුවක් හේතුවෙන් වයඹ පළාත් සභාවේ සභාපති තනතුරට පත් වූ ටිකිරි බණ්ඩා අධිකාරි විසින් වීම විශේෂත්වයකි. සභාපති ටිකිරි බණ්ඩා අධිකාරි විසින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත්කරද්දී ඊට විරෝධය පළකිරීම සදහා ඉදිරිපත් වූයේ වයඹ පළාත් සභා මන්ත‍්‍රී පියුමාල් හේරත් මහතා පමණක් වන අතර අනෙක් සියලූ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් සභාපතිවරයාගේ තීරණයට අනුකූලතාවය පළකරමින් මුනිවත රකිනු පෙණිනි.

tikiri_order3 tikiri_order1 tikiri_order2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article