Sunday, November 24, 2024

සතුන්ගේ ජීවත්වීමේ අයිතිය සමරන ඔක්තෝම්බර් 04

Must read

Adorable-Baby-Animals-Will-Surely-Make-Your-Day-Brighter-6ලෝක සත්ව දිනය ලෙස 2019 ඔක්තෝබර් 4 වන වනදා සමරනු ලබයි.  මෙම උත්සවය සතුන්ගේ ජීවන තත්ත්වය සහ සුභසාධනය ඉහළ නැංවීම, සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් විසින් සමරනු ලබයි.
සතුන්ගේ අවශ්‍යතා අනුව සෑම දෙයක්ම සපයන හොඳම ස්ථානය පෘථිවිය බවට පත් කිරීමේ අරමුණු පෙරදැරීව ලෝකය පුරා සත්වප්‍රේමීන් මෙම දිනය සමරනු ලබයිග රටල ජාතිය, ආගම, කුලය, වර්ණය හා රජයේ දේශපාලනය නොසලකා මෙම දිනය ඉතා විශේෂකොට සැලකීමේ අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා  අදවනවිට මතුව තිඛේ. වන ගහනය අඩුවෙමින් පවතින ලංකාව තුළ සත්ව අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබද පුවත් දිනපතා අපට අසන්නට දකින්නට ලැඛේ.
සත්ව ප්‍රේමීන් විසින් සතුන් වෙනුවෙන් පෙර කලට වඩා සිය හඩ අවදිකරමින් තිඛේ. එසේ වුවත් රටේ පාලන අධිකාරිය විසින් ඒවාට ඇහුම්කන් දීම ප්‍රමාණවත් නොවන බව සදහන් කළ යුතුය. පහත දැක්වෙන්නේ ලංකාවේ බහුලව සිදුවන සත්ව හිංසනය පිටුදකිමින් ක්‍රියාකරන අවස්ථා දෙකකි.32

මේ ඡායාරූපයෙන් දිස්වන්නේ උතුරු පළාතේ  සිදුවන සත්ත්ව ඝාතනයන්ට එරෙහිව සිව සේනා සංවිධානයත් නිර්මාංශිකයන්ගේ සංවිධානයත් සැප්තැම්බර් 30 දා මන්නාරම නගරයේ දී පැවැත්වූ  රැලියකි.

මේ රැළියේදී සංවිධාන දෙකටම අයත් පිරිස් අවධානය කර තිබුණේ  උතුරේ බොහෝ කෝවිල් වල සත්ත්ව ඝාතනයන් සිදුවන නිසා දින් දිගටම ඊට එරෙහිව තම සංවිධාන ක්‍රියාත්මක විය යුතු බවයි. තවදුරටත් කෝවිල් වල එම සත්ත්ව ඝාතනයන් නතර නොකරන්නේ නම් යාපනයේ සිදු කළ අන්දමට අදාළ ප්‍රදේශ වල අධිකරණ වල නඩු ගොණු කිරීමට මේ පිරිස අවධාරණය කොට තිඛේ.
උපුටා ගැනීම / දිණමින
ඇඹිලිපිටියේ ප්‍රාදේශීය සභාවේ කම්කරු සේවකයන් විසින් මුදවාගත් සුනඛ පැටව් දෙදෙනාගේ කතාව
abilipityaඇඹිලිපිටිය අලුතින් ඉදිකෙරෙන වාපි උද්යානය අසල හදුනාගත නොහැකි පාර්සලයක් දින 02ක් තිස්සෙ තියෙනව කියල, abiඇඹිලිපිටිය නගර සභාවට දුරකතන ඇමතුමක් ලැබුන.
අපි ඒ ආසන්නයේම තිබුනු කසළ ට්රැක්ටරයට ඒ පිලිබදව දැනුම් දුන්න.
පසුව අපේ එම ට්රැක්ටර් රථය ඒ ස්තානයට ගිහින් එම පාර්සලය පරීක්ෂා කරා.
කියන්න හරිම කණගාටුයි. දවස් දෙකක් තිස්සෙ හිරවෙලා ඉදල තියෙන්නෙ බලු පැටව් දෙන්නෙක්.
අපේ කම්කරු මහතුන්ට කරන්න දෙයක් නැතිම තැන කම්කරු මහතුන් දෙදෙනෙකුගේ බත් පාර්සල් හා දානයක් පැවති නිවසකින් ලැබුනු කැවිලි පාර්සලයත් ඒ බලු පැටව්න්ට ආහාර වශයෙන් ලබා දී එම ස්තානයෙන් පිටත් උනා.

මෙවැනි සිදුවීමක් උනු එකම අවස්තාව මෙය නොවෙයි. මීට පෙර නොයෙකුත් අත්දැකීම් අපේ කම්කරු මහතුන්හට අත්විඳීමට ලැබී තියෙනව. කොටින්ම කිව්වොත් පොළගෙකු කවරයක බහා කුණු බෑගයක් කෙස ලබාදුන් අවස්තාද තියෙනව.
මිනිසුනි, ඔබට මිනිසත් කමක් ලැබුනෙ ඔයිට වඩා හොඳ ක්රියාමාර්ග ගන්න. ඔබත් මේවිදියට තිරිසනෙක් ලෙස කටයුතු කරනවා නම්, තවදුරටත් මේවා ගැන කවර කතාද?
https://www.facebook.com/embilipitiyaUC/videos/1315017645331399/?t=2

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article